ටෙක්සාසයේ යුදෙව් දම්සලකට ප්‍රහාරයක්: ප්‍රාණඇපකරුවන් පැය 10 ක ට පසු මුදා ගනියි!

0
443

ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයේ යුදෙව් දම්සලක් සෙනසුරාදා උදෑසන දේව මෙහෙය අතරතුර ප්‍රහාරයට ලක් වුණා.පිපිරීම් සහ වෙඩි හඬ මැදින් පුද්ගලයන් 4 දෙනෙක් ප්‍රහාරකයා විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබුණා. යුදෙව් දම්සලේ රාබිවරයා ද ඒ අතර සිටියා.

පැය 10 ක මෙහෙයුමකින් පසු ප්‍රාණඇපකරුවන් මුදා ගෙන තිබෙන අතර ප්‍රහාරකයා මරුමුවට පත් ව තිබෙනවා.

මෙම ප්‍රහාරය සිදුවුණේ උදෑසන ෂබාත් දේව මෙහෙය සජීවී ලෙස ෆේස්බුක් හරහා විකාශය කරමින් සිටින අතරතුරයි.

”ඇමරිකාවට මොකක් හරි වැරදිලා..” යැයි ප්‍රහාරකයා මහ හඬින් කෑ ගසන ආකාරය එහි දැක්වෙනවා. සිය සහෝදරියව දුරකථනයට සම්බන්ධ කර ගන්නා ලෙසත්, තමන් මිය යන්නට සූදානම් බවත් ප්‍රහාරකයා පවසනවා.

ප්‍රහාරකයාගේ ඉල්ලීම වී තිබෙන්නේ ඇමරිකාවේ 86 අවුරුදු සිරදඬුවමක් විඳිමින් සිටින පාකිස්ථාන ජාතික ආෆියා සිද්ධික් නමැති න්‍යෂ්ටික විද්‍යාඥයා නිදහස් කරන ලෙසයි. සිද්ධික්, ඇෆ්ගනිස්ථානයේ රැඳවුම් භාරයේ සිටින අතරතුර ඇමරිකානු හමුදා නිලධාරීන් මරා දැමීම සම්බන්ධයෙන් චෝදනාවලට වැරදිකරු වූ අයෙක්.

AMALI JAYAWEERA – OUTBOUNDTODAY

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here