Update: ටොන්ගා රජු සුනාමියෙන් දිවි බේරාගනියි – කොදෙව්වට බරපතළ හානි නැහැ

Date:

ඊයේ සවස දකුණු පැසිෆික් සාගරයේ ටොන්ගා දූපත අසල සිදුවූ සමුද්‍රීය භූමිකම්පාව හේතුවෙන් ඇති වූ සුනාමි අවදානම මේ වන විට පහව ගොස් තිබුණත් එය නිශ්චිත ලෙසම කිව නොහැකියි.මරණ කිසිවක් මේ දක්වා වාර්තා වී නැහැ.

ඊයේ ඇති වූ සුනාමි තත්වයෙන් ටොන්ගා ප්‍රධාන දූපතේ පහත් බිම් කලාප සුනාමි රළ පහර විසින් යට කර දමා තිබුණා.

ටොන්ගා රජ මාළිගය ද ජලයෙන් යට වූ බව සඳහන්.

ටොන්ගා හි රජු වන සය වන ටුපෝ රජු ගළවා ගැනීමේ මෙහෙයුමක් දියත් කර තිබුණු අතර, පොලිසිය සහ හමුදාව එක්ව ඔහුව මටා කි එයුවා හි පිහිටා තිබෙන මන්දිරයක් වෙත රැගෙන ගිය බව ද වාර්තා වෙනවා.

ටොන්ගා හි රජු වන සය වන ටුපෝ

ටොන්ගාවට ආසන්නයෙන් පිහිටා තිබෙන නවසීලන්තය ඩොලර් 340,000 ක සහනාධාර මේ වන විට ටොන්ගා වෙත යවා තිබෙනවා. නවසීලන්ත ආරක්ෂක බලකාය ද දූපතේ කටයුතු සාමාන්‍ය තත්වයට පත් කිරීම සඳහා යොදවා තිබෙනවා.

නමුත් සමුද්‍රීය භූ චලනයේ පසු කම්පන සහ පසු පිපිරීම් ගැන අනාවැකි කියන්නට කිසිවෙකුටත් බැහැ.

ටොන්ගා දූපත් දකුණු පැසිෆික් සාගරයේ පිහිටා තිබෙන ස්වාධීන රාජාණ්ඩුවක්. ‘ටොන්ගා රාජධානිය’ ලෙස මෙය නිල වශයෙන් හැඳින්වෙනවා. දූපත් 169 කින් සමන්විත ටොන්ගාවේ මිනිසුන් ජීවත් වන්නේ දූපත් 36 ක පමණයි. ‌මේ කොදෙව්වේ ජීවත් වන මිනිසුන්ගෙන් 97%ක් ටොන්ගා ස්වදේශිකයන්.

OUTBOUNDTODAY AMALI JAYAWEERA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...

කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත් අඩංගුවට ගෙන...