Wednesday, March 22, 2023
spot_img

Latest Posts

Breaking News: ටෙනිස් ශූර නොවැක් ජොකොවික් පිටුවහල් කරන්න නියෝග!

ලෝක ටෙනිස් ශූර නොවැක් ජොකොවික්ගේ අභියාචනය අද දින විභාග වූ අතර ඔහුව ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ යුතු බවට එහිදී තීන්දු විය. ෆෙඩරල් අධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු එහිදී තීරණය කළේ මහජන සුබසිද්ධිය යන පදනම යටතේ ඔහුගේ වීසා අවලංගු වන බව ය.

ඒ අනුව අධිකරණය මෙහිදී ඔස්ට්‍රේලියානු විගමන අමාත්‍ය ඇලෙක්ස් හෝක්ගේ තීරණයට එකඟ වෙයි.

කෝවිඩ් වැක්සින් එකක් හෝ ගෙන නොතිබීම මෙන්ම, වීසා අයදුම්පතේ ඔස්ට්‍රේලියාවට පැමිණීමට දින 14 කට පෙර කිසිදු සංචාරයක නොයෙදුණු බවට සාවද්‍ය තොරතුරු අඩංගු කර තිබීම ද ඔහුගේ වීසා අයදුම්පත ප්‍රතික්ෂේප වීමට හේතු වී තිබිණි.

මෙම තීන්දුවත් සමග රටෙන් පිටුවහල් කරන තෙක් ඔහු මෙල්බන් හි රැඳවුම් මධ්‍යස්ථානයක තබා ගනු ඇත.

ලෝකයේ අංක 1 ටෙනිස් ශූරයා, හෙට දිනයේ එනම් සඳුදා දින ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පළමු වටය සඳහා ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටියේය.

පුරා දින 11 ක් මුළුල්‌ලේ ජාත්‍යන්තර ශීර්ෂ පාඨ මැවූ නොවැක් සිද්ධිය මේ අනුව අවසන් වන්නේ, 21 වැනි Grand Slam ලෝක ටෙනිස් ශූරතාවය දිනා ගැනීමේ සිහිනය බොඳ කර දමමිනි.

අධිකරණ තීරණයට ගරු කරන නමුත්, තමන් අතිශයින්ම අපේක්ෂා සුන් වූ තත්වයකට පත් වූ බවත්, විවේකයක් ගැනීමට කල්පනා කරන බවත් ඔහු කියා තිබේ.

පෙර ලිපි

AMALI JAYAWEERA OUTBOUNDTODAY

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.