Wednesday, March 22, 2023
spot_img

Latest Posts

දිරිය මිනිසුන් රටට ශක්තියක්

සෞභාග්‍යයා නිශ්පාදන ගම්මාන සංකල්ප දෙකක් මත පදනම් වන බව කිව යුතුය. එනම් රටේ දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට සහ රටේ නිශ්පාදනය නගා සිටුවීමට කරන ලද වැඩපිළිවෙළකි. මෙමඟින් රුපියල් මිලියන 36,000 ක ආදායමක් ජාතික ආර්ථිකයට එක් කිරීමට බලාපොරොත්තු වන අතර එය ඉටු කර ගැනීමට හැකි ඉලක්කයක් බව රජය පවසයි.මෙහිදී සුරතල් මසුන් නිශ්පාදනය කරනුයේ 95% ක් ම විදේශීය වෙළඳපොළ සඳහාය .

ග්‍රාමීය වශයෙන්ම නිශ්පාදනය වන මත්ස්‍යයන් දේශීය සැපයුම් කරුවන් මගින් යොමු කිරීමෙන් ඒ හරහා පිටරට යැවීමට කටයුතු කරයි. මොවුන් මසකට ඇමරිකානු ඩොලර් 100,000 ත් 150,000 ත් අතර ප්‍රමාණයක් පිටරට සඳහා යවයි.සෞභාග්‍යයා නිශ්පාදන ගම්මාන හරහා සුරතල් මත්ස්‍ය ව්‍යාපෘතිය කර්මාන්ත මට්ටමින් වගේම ගෘහස්ථ මට්ටමින් ද ක්‍රියාත්මකයි. කුඩා පරිමාණයේ සුරතල් මසුන් ව්‍යාපාරිකයෙක්ට වුණත් මදක් මහන්සිවී කැපවීමෙන් වැඩ කළොත් තම ව්‍යාපාරය තව දුරටත් වැඩිදියුණු කර ගත හැක.ඒ දිරිය මිනිසුන් රටට ශක්තියක් …….!!!

රෂිකා සඳමාලි හෙන්නායක Facebook

Sponsored Article

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.