*
Sunday, October 13, 2024
spot_img

Latest Posts

නරකම පරාජයෙනුත් එක වෙයි

ශ්‍රී ලංකාව ඊයේ ඉන්දියාවට එරෙහිව පැවති එක් දින තරගය පරාජය වන්නේ ලකුණු 317 න් ය.ඒ අනුව ඉතිහාසයේ දරුණුම එක්දින පරාජය ලැබූ කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්වන අතර ඉන්දියාව ඉතිහාසයට එකවන්නේ කණ්ඩායමක් විශාල ම ලකුණු පරතරයක් තබාගෙන පරාජය කළ කණ්ඩායම හැටියටය.
දසුන් ශානක මේ තරගාවලියේදී අභියෝගාත්මක පිතිකරුවෙක් වන තරමටම අභියෝගාත්මක නායකයෙක් නොවන බව පැහැදිළි කළ අතර සියල්ල නිවැරදිව කළමණාකරනය වන තත්ත්වයක දසුන් සාර්ථක වනු ඇරෙන්න කළමණාකරනය කරන්නේ කෙසේද යන්නෙහි තව දුරටත් අවධානය යොමු කළ යතුය.විස්සයි විස්ස සහ එක්දින යන ව්‍යහුයන් දෙකේ වෙනස් ආකාරයට කටයුතු කිරීම පහසු නොවන අතර දසුන් ශානක ඒ පරස්පරතාවය මේ තරගාවලියේදී යළි පැහැදිළි කළේය.


ඉන්දියාව ලකුණු 390 ක් ලබා ගැනීම මෙන්ම ඒ ලකුණු ප්‍රමාණයට යන අතරේ ශ්‍රී ලංකා පන්දු රකින්නන් දෙදෙනෙක් රෝහල්ගත කරන්නට වන අන්දමේ ආබාධවලට ගොදුරු වීමත් නරක තත්ත්වයක් ඇති කළේය.ධනංජය සිල්වාගෙන් පන්දු යවන්නෙක් සේ උපරිමය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අසමත් වූ අතර ඔහුව අවසාන තරගයේ දී කණ්ඩායමෙන් ද ඉවත තබා තිබිණ.චාමික කරුණාරත්න ද පන්දු යවන්නෙක් ආකාරයට පන්දු ඕවර් 10 සඳහාම යොදා නොගැනීමට දසුන් නිතර ක්‍රියා කළේය.ඊට පදනම් වූ කාරණා දසුන්ටත් ඉහළින් දසුන්ට එන ඒවානම් පිටිය මැද ප්‍රායෝගික තත්ත්වය එය නොවන විට එම ආකෘතියෙන් පිටට පැමිණ කටයුතු කිරීම නායකත්වය විය යුතුය.
ඉන්දීය පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඊයේ මුහුණ දුන්නේ අනායාසයෙන්ය.තමන්ට පන්දුව අවශ්‍යය ආකාරයට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් යොමු කරගන්නා බවක් පෙනෙන තරමට ඒ ප්‍රහාරයන්හි ස්වභාවය පිතිකරුවන් පහසුවට ගෙන තිබිණ.ෂුබ්මන් ගිල් පන්දු 97 න් ලබා ගත් ලකුණු 116 මෙන්ම පන්දු 110 න් විරාට් කෝලි ලබා ගත් ලකුණු 166 ත් ඉතාම පහසුවෙන් එකතු කළ ලකුණු විය.කෝලි ඉන්දීය ඉණිම ලකුණු 390 දක්වා ගෙන යාම සඳහා නොදැවී ලැබූ ලකුණු 166 මෑත කාලයේ දුටු මනරම්ම ඉණිමක් විය.


ගිල් සහ කෝලි දෙවන කඩුල්ල වෙනුවෙන් ලැබූ ලකුණු 131 මෙන්ම ගිල් සහ රෝහිත් ෂර්මා පළමු කඩුල්ලට එකතු කළ ලකුණු 95 ද ඉන්දීය කණ්ඩායමේ ලකුණු පූවරුව ලකුණු 390 දක්වා ගොඩ නැඟීමට බෙහෙවින් ඉවහල් විය.නමුත් තෙවන කඩුල්ල සඳහා ශ්‍රීයාස් අයියාර් (38) සමඟ කෝලිගේ දරුණුම මැදිහත්වීම සිඳු වු ලකුණු 108 ක සබඳතාවය සමඟ අයියාර් ක්‍රියා කළ ආකාරය සිහිපත් කළේ සහයක පිතිකරුවාගේ භූමිකාවේ විශිෂ්ඨතම හැඩය ය.
පිළිතුරු ඉණිම සඳහා පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු මොහොතේ සිටම හුස්ම ගන්නට නොහැකි තරමේ පීඩනයක් එල්ල කළ මොහොමඩ් සුරාජ් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත විය.මුල් කඩුලු හය ශ්‍රී ලංකාවට අහිමි වෙද්දි ඔහු පන්දු යැවීමෙන් කඩුලු හතරක් දවාගෙන සිටි අතර චාමික කරුණාරත්න දුවද්දී දවා ගැනීමට ද දායක විය.ලකුණු 39 ට කඩුලු හයක් අශේන් බණ්ඩාර පන්දුවට පහර නොදෙන තත්ත්වක් තුළ ශ්‍රී ලංකා ඉණිම ලකුණු 51 ට කඩුලු 8 ක් අහිමි කරගෙන සිටියේය.එහිදි කසුන් රාජිත මුල් තැන ගෙන ලහිරු කුමාරව ද යම් පමණකට ආරක්ෂා කර ගනිමින් අවසන් කඩුල්ලට ලකුණු 22 සබඳතාවයක් පවත්වමින් ශ්‍රී ලංකාවට වැඩි පන්දු ඕවර් ප්‍රමාණයකට මුහුණ දි ලකුණු පූවරුව ඉහළ දමා ගන්නට මාර්ගය සකස් කර දෙන්නට උත්සාහ ගත් අතර නමුත් කුල්දීප් යාදෙව් නැවත කැඳවීමත් සමඟ ලහිරු කුමාර ලකුණු 9 ට දවා ගන්නට කුල්දීප්ට හැකි විය.
කසුන් රාජිත මේ තරගාවලියේදි අවස්ථා දෙකකදීම ලකුණු 80 ට වඩා සිය පන්දු ඕවර් 10 තුළ ලබා දුන් නමුත් පිතිකරණයේදී ඉහළ ප්‍රගතියක් අත් කරගෙන තිබෙන බව පැහැදිළි කළේය.ඉන්දියාව ක්‍රීඩකයින් නිර්මාණය කරන්නේ දුර දක්නා නුවණින්ය.ඔවුන් නායකයන් පවා තනන්නේ ඒ ආකාරයටය.බොහෝ විට ජාතික කණ්ඩායමේ නායකයන් යනු නායක කුසලතා මුල සිට ප්‍රගුණ කළ අයය.නමුත් ශ්‍රී ලංකාවට එවැනි දුර දක්නා සැළසුම් නැත.ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ සංචිතයේ ද,කුසල් මෙණ්ඩිස්,චරිත් අසලංක,චාමික කරුණාරත්න වැනි අවුරුදු 19 න් පහළ කණ්ඩායම්වල නායකත්වය දැරුවෝ සිටිති.ඉනික්බිතිව ඔවුන්ගේ ඒ කුසලතා වැඩි දියුණු කරන්නට ජාතික තලයෙන් ගතහැකි ක්‍රියාමාර්ග ගැන ක්‍රීඩා සමාජ මට්ටමෙන් හෝ සාකච්ඡාවට ගත යුතුය.අද වන විට ක්‍රීඩකයෙක් ක්‍රීඩා සමාජයක එක දිගට රැදී සිටීම ද යම් ආකාරයකට දුලබ දසුනක් වී ඇති අතර වැඩි වැටුප් සහ වරප්‍රසාද සොයා ක්‍රීඩකයින්ට ක්‍රීඩා සමාජ වෙනස් කිරීමට ලැබී ඇති හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා වැඩි දියුණු කිරීමට බල නොපෑම කණගාටුදායකය.
ක්‍රීඩක කළමණාකාරීත්වය යනු මුදල් කළමණාකරණ සහය,සමාජ ජාලා හරහා ප්‍රතිරූපය නැංවීම වැනි තැන්වල සිර වී ඇති අතර ක්‍රීඩකයින්ගේ දක්ෂතා වර්ධනය අවමවීම,විනය වැනි කාරණාවලදී කළමණාකාරීත්වයට බලපාන ලකුණු ක්‍රමවේදයක් සකසා ඔවුන්ගේ තනතරු දැරීමේ හැකියාව ද,යම් අවස්ථාවක අහිමිවිය හැකි මට්ටමට බලපෑමක් ඇති කළ යුතුය.නැතිනම් වන්නේ ක්‍රීඩකයා මොන වරද කළත් විවිධ ආකාරයේ මෙහෙයුම් මඟින් එම කැළල මැකීමට උත්සාහ කිරීම මිස කැළල් ඇති වීම වැළක්විමට පියවර නොගැනීමය.
කෙසේ හෝ ඉන්දීය තරගාවලිය පරාජයට වඩා අන්ත පරාජයක් සහිතව හමාර වි ඇත.ඒ පරාජයේ කළු වළාවන් අතර මතු වූ රිදි රේඛාවක් මෙන් නුවනිදු ප්‍රනාන්දුගේ මතු විම හැඳින්විය හැකිය.මුහුණ දුන් පළමු තරගයේදීම අර්ධ ශතකයක් ලබා ගත් ඔහු ඊයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අන්ත පරාජය හමුවේදී ද ලකුණු 19 ක් ලබමින් ශ්‍රී ලංකා පිළේ වැඩිම ලකුණුලාභියා විය.මෙවැන්නන් හිස් පුරවන්නන් නොකර දිගින් දිගටම සංචිතයේ හෝ තබා ගැනීම වැදගත්ය.අද ඉන්දිය කණ්ඩායමට කණ්ඩායමට ක්‍රීඩා කරන 11 ට අමතරව තවත් විස්සකට වැඩි හොඳ ජාත්‍යන්තර අත්දැකීම් ඇති පිරිසක් කණ්ඩායමෙන් එළියේ ද ඇත.ඒ නිසා ඕනෑම මොහොතක අසාර්ථක අවස්ථාවක් ක්‍රීඩකයෙක්ට උදාවෙද්දී ඒ හිස් තැන වසන්නට අත්දැකීම් සහිත දක්ෂයෙක් යොදවන්නට ඉන්දියාවට ඇති හැකියාව වැදගත්ය.
ලකුණු නොමැති පිතිකරුවෙක් බවට පත් වූ වහාම ඉසාන්ට් කිෂාන් වැනි ද්විත්ව ශතකලාභි එක්දින පිතිකරුවෙක් පිටතින් තබා ෂුබ්මන් ගිල් ට අවස්ථාව දෙන්නට ඉන්දියාව තීරණය කරන අතර ගිල් තරගාවලිය නිමා කරන්නේ ජයග්‍රහණයේ ප්‍රධාන දායකයෙක් වෙමින්ය.විරාට් විවේකයෙන් පසුව පැමිණ එක්දින ශතක දෙකක් ද ලබා ගනිමින් තරගාවලියේ වීරයා වන අතර ඊයේ ශ්‍රී ලංකාවට දැවන්තම පරාජය අත් කර දුන් තරගයේ දී ද ලකුණු 166 ක් නොදැවි ලබා ගැනීම වෙනුවෙන් තරගයේ වීරයා බවට ද පත් විය.
RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan