ගල් අඟුරු ආකරයට එරෙහි වූ දේශගුණික ක්‍රියාකාරීන්ට ජර්මන් පොලීසියෙන් ප්‍රහාර; 20 දෙනෙකු රෝහල්ගත කෙරේ

Date:

ජර්මනියේ ලුට්සෙරාත් ගම්මානයේ ගල් අඟුරු ආකරයක් ව්‍යාප්ත කිරීමට එරෙහිව දේශගුණික ක්‍රියාකාරීන් 35,000ක් පමණ දෙනා විසින් ගෙන යන ලද විරෝධතාවය ජර්මන් පොලිස් නිලධාරීන් ජල ප්‍රහාර සහ බැටන් පොලු භාවිතා කරමින් මර්දනය කර ඇති බව වාර්තා වේ.

දෙපාර්ශවය අතර ඊයේ(15)දින සිදුවූ ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ දේශගුණික ක්‍රියාකාරීන් 20 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇත.

බලශක්ති සමාගමක් වන RWE ආයතනය මඟින් මෙම ගල් අඟුරු කැණීම ආරම්භ කර ඇති අතර, ඊට විරෝධතාවය දක්වන ක්‍රියාකාරීන් පවසන්නේ ගල් අඟුරු දහනය කිරීමෙන් හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට ජර්මනිය දරන උත්සාහය අඩාල වන බවයි.

කෙසේ නමුත් ගාර්ස්වීලර් ලිග්නයිට් පතල විසින් ගිල ගන්නා අවසාන ගම්මානය ලුට්සෙරාත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...