*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

බරපතල චෝදනා රැසක් ඇති කර්නල් කේ.ටී.ආර්.බී. කොඩිප්පිලි චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක බවට පත්වුනේ කොහොමද?

2022 නොවැම්බර් 25 දින ශ්‍රී ලංකා යුධ හමුදාව ලිඛිත හා වාචික පරීක්ෂණයකින් පසුව පහත නම් සදහන් ජේෂ්ඨ නිලධාරීන් එක්සත් රාජධානිය, චීනය , සහ පකිස්තානය යන රටවල් සඳහා අනුමත කර ආරක්ෂක අමාත්‍යංශයේ පැවති අවසන් සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත් කරන ලදී. 

  1. O/62010 බ්‍රිගඩියර් එම පී එන් ඒ  මුතුමාල  USP psc
  2. O/62214 බ්‍රිගඩියර් කේ ඩබ් ජයවීර  USP psc
  3. O/62125 බ්‍රිගඩියර් ඩබ් එම එන කේ දී බණ්ඩාර RWP RSP USP psc
  4. O/62418 කර්නල් කේ ටී ආර් බී කොඩිප්පිලි  psc
  5. O/62440  කර්නල් කේ ඒ පුෂ්පකුමාර RWP RSP USP psc
  6. O/62466 බ්‍රිගඩියර් එම ඒ දී එස් මුනසිංහ RWP RSP psc IG
  7. O/62561  කර්නල් ආර් ආර් එම පී එන බී බඹරදෙනිය RWP RSP USP psc
  8. O/62712  කර්නල් ආර් එම්  එස් පී රත්නායක USP psc IG
  9. O/62715   කර්නල් දී කේ ආර් එන්  සිල්වා  RSP USP psc

ශ්‍රී ලංකා යුධ හමුදාව O/62418 කර්නල් කේ ටී ආර් බී කොඩිප්පිලි  psc  නමැති නිලධාරියාගේ නිලධාරියෙකුට නොතරම් වන අතීත ක්‍රියා කලාපය නොසලකා මූලික පරීකෂා වලින් සමත් කොට ආරක්ෂක අමාත්‍යංශයේ අවසන් පරීක්ෂණය සදහා ඉදිරිපත් කොට ඇත.

2022 දෙසැම්බර් 05 දින පැවැත්වූ ආරක්ෂක අමාත්‍යංශයේ අවසන් පරීක්ෂණයෙන් පහත නිලධාරීන් ඉදිරියෙන් දැක්වෙන රටවල් සදහා තෝරා ගන්නා ලදී

O/62214 බ්‍රිගඩියර් කේ ඩබ් ජයවීර  USP psc – එක්සත් රාජධානිය

O/62418 කර්නල් කේ ටී ආර් බී කොඩිප්පිලි  psc  – චීනය

O/62715   කර්නල් දී කේ ආර් එන්  සිල්වා  RSP USP psc – පකිස්තානය

කෙසේ නමුදු, කර්නල් කේ ටී ආර් බී කොඩිප්පිලි  නමැති නිලධාරියා තානාපති තනතුරක් තබා යුධ හමුදා නිලධාරිකුටවත්  සුදුසු චරිතාපදානයක් නොමැති පුද්ගලයෙකි. පහත සදහන්  ඔහුගේ නොමනා ක්‍රියාකාරකම් කදිම උදාහරනයන්ය. 

1. 1997 නොවැම්බර් 26 දින පුලියන්කුලම 9 සිංහ රෙජිමේන්තු හමුදා කදවුරේදී සොල්දාදුවෙකුට පහර දීම

2. 2002 සැප්තැම්බර් 14 දින  මාරු ඔය හමුදා කඳවුරේදී අමානුෂික ලෙස කනිෂ්ඨ නිලධාරියෙකුට පහර දීම සහ අරලගන්විල පොලිසිය විසින් දින 04ක් අත් අඩංගුවේ රඳවා තබා ගැනීම.

3. 2004 අප්‍රියෙල් 19 දින තිලිප්පලෙයි  6/7  සිංහ රෙජිමේන්තු හමුදා කදවුරේදී සොල්දාදුවෙකුට පහර දීම

ශ්‍රී ලංකා යුධ හමුදාව මෙම කර්නල් කේ ටී ආර් බී කොඩිප්පිලි  psc නමැති නිලධාරියා ආරක්ෂක උපදේශක තානාපති තනතුරකට අනුමත කරන්නේ ඔහුට විරුදුව ඇති ලිඛිත චෝදනා පිලිබඳ හොදාකාරව දැනගෙන සහ මෙම නොමනා ක්‍රියාවන් නිසා  එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා නියෝජන කිරීමට පවා නිර්දේශ නොකරන අතරය.  තවද ඔහුට ආදර්ශමත් සේවාවක් නොමැතිකම හේතුවෙන් උත්තම සේවා පදක්කම අහිමි වී තිබියදීය.

හමුදා පිළිවෙතට අනුව  උත්තම සේවා පදක්කම යමෙකුට හිමි වන්නේ පහත පරිදිය

“ශ්‍රී ලංකා ජනරජයේ යුද්ධ, නාවික සහ ගුවන් හමුදාවන්ට අයත් නිත්‍ය බලසේනාවල නියුක්ත, ඉදින් අවුරුදු පහලොවකට නොඅඩු ගණන්ගත හැකි සේවාකාලයක් ඇත්තා වූද, අකිලිෂ්ට පෞද්ගලික චරිතයක් හා සෛනික චරිතයක් පදක්කම ප්‍රදානය සඳහා නිර්දේශ කරන දිනයට සම්පූර්ණ කර ඇත්තා වූද, සෑම තරාතිරමකටම අයත් පුද්ගලයින්ට, ඔවුන්ගේ සුවිශේෂී දක්‍ෂතාව, කුසලතාව හා ආදර්ශමත් පැවැත්මෙන් උපලක්‍ෂිත වූ අගනා සේවයත්, රාජකාරිය කෙරෙහි දක්වන ලැදි බවත් අරබයා උපහාර වශයෙන් මෙම පදක්කම පිරිනැමිය යුත්තේය. සෑම පදක්කම්ලාභියෙකුටම තම නමට පසුව ‘යූඑස්පී’ යන සංකේතය භාවිතා කිරීමට හිමිකම් ඇත.”

ඉහත සදහන් පරිදි තානාපති සේවයට හෝ  එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා නියෝජන කිරීමට  නිර්දේශ කරන යම් නිලධාරියෙකුට උත්තම සේවා පදක්කම ලාභියෙක් වීම හමුදා ප්‍රතිපත්ති අනුව අන්වාර්ය සුදුසුකමකි. ඒ අනුව යුධ හමුදාව මෙවන් උත්තරීතර තනතුරකට  කර්නල් කේ ටී ආර් බී කොඩිප්පිලි  නිලධාරියා  තෝරා ගැනීමෙන් පෙනී යන්නේ  ඔහුගේ නොමනා ක්රියාකාරකම් සහ  නුසුදුසු කම් ඕනෑකමින්ම නොසලකා හැර ඇති බවක්ය. හමුදා ප්‍රධානියා සහ ඔහුව නිර්දේශ කල නිලධාරීන් මෙයට ඉඳුරා වගකිව යුතු වේ.

තවද මෙම අනීතික තෝරා ගැනීමේ ක්‍රියාවලිය ආරක්ෂක ලේකම්ගේ කැමැත්ත සහ බලපෑම මත සිදු වී ඇති බව මනාව පෙනී යන අතර තමාගේ හුරතලෙක් ( මෙම නිලධාරියා නන්දිකඩාල් පොත ලිවීමට ආරක්ෂක ලේකම්ට බොහෝ සෙයින් උදව් කොට ඇති බවට රාවයක් ඇත) මෙවන් ගරු කටයුතු තනතුරකට පත් කිරීම පක්ෂපාතිත්වය පිළිබිඹු කරන අතර මෙම පරීක්ෂණයට සහභාගී වූ අන් සියලු නිලධාරීන්ගේ විනයානුකුල චරිත,  සුදුසු කම් සහ නිකැළැල් කැපවූ සේවා කාලය සැසදීමෙන්  කර්නල් කේ ටී ආර් බී කොඩිප්පිලි  මෙම තනතුරට කිසිසේත්ම නුසුදුසු බව  මොනවට පැහැදිලි වේ.

2019 වර්ෂයේදී එක්සත් රාජධානියට පැමිණි ආරක්ෂක උපදේශකයෙකුගේ නොමනා ක්‍රියාවක් හේතුවෙන් ඔහුව එක්සත් රාජධානියේ තානාපති තන්සේවයෙන් ඉවත් කරන ලදී. නිලධාරියෙකුට නොතරම් ක්‍රියාකාරකම් වලින් හෙබි විනයක් නොමැති තම කනිෂ්ඨ නිලධාරියෙකුට අමානුෂික ලෙස පහර දී පොලිස් ඇත අඩංගුවේ පසු වූ  කර්නල් කේ ටී ආර් බී කොඩිප්පිලි   වැනි දාමරිකයෙකුගෙන් ඊට වැඩි  යමක් බලාපොරොතු විය හැකිද?

සේරම් ඩි  සිල්චා

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan