නේපාල පොලිසිය සහ ශ්‍රී ලංකා යුද හමුදාව ගැටෙන හැටි සජීවීව බලන්න

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 16 කොළඹ (LNW): නේපාලයේ පැවත්වෙන සිව්වන ටයිගර් කුසලානවොලිබෝල් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම තරගාවලිය අරඹමින් අද දිනයේ නේපාල සන්නද්ධ පොලිස් බලකාය සමඟ ගැටෙන්නට නියමිතව තිබෙනවා.එහි සජිවී යුටියුබ් විකාශයට පිවිසෙන්නට පහත සබඳතාවය භාවිතයට ගත හැකි වෙනවා.

නලීන් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම මූලික තරගයට ඉදිරිපත්ව සිටින කණ්ඩායම් හය බෙදා තිබෙනාකාරයට බී කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙනවා.

නේපාල වොලිබෝල් සංගමය සංවිධානය කරනු ලබන Tiger Cup Men’s Volleyball Championship තරගාවලිය 2024 ජනවාරි 13 දින සිට ආරම්භ වුණා.එය ජනවාරි 22 දින දක්වා නේපාලයේ පොකරා නගරයේ දී පැවැත්වීමට නියමිතයි.

ක්‍රීඩා සමාජ සහභාගිවන මේ තරගාවලියට නේපාලයෙන් බැහැරව සහභාගිවන එකම ආගන්තුක කණ්ඩායම ශ්‍රී ලංකා යුද හමුදා වොලිබෝල් කණ්ඩායමයි.ඒ ආකාරයට කාන්තා තරග අංශයෙන් ඉන්දියාව නියෝජනය කරමින් හරියානා ප්‍රාන්ත කණ්ඩායම සහභාගි වෙනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2023 ජාතික වොලිබෝල් ශූරතා සුපර්ලීග් තරගාවලියේ ශූරයින් බවට පත්වීම,මේ තරගාවලියට ශ්‍රී ලංකා යුධ හමුදා පිරිමි වොලිබෝල් කණ්ඩායම ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ගත් තීරණයට හේතු වී තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...