පාර්ලිමේන්තුව ජනවාරි 24 වනදා වාර අවසන් කිරීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙබරවාරි 07 වනදා නව පාර්ලිමේන්තු වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත බව සඳහන්.
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග උසස් නිල තල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, විශේෂ කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා හැර කෝප්, කෝපා ඇතුළු කාරක සභා 50කට වැඩි සංඛ්‍යාවක් අහෝසි වී යන අතර ඒවා සඳහා සාමාජිකයින් අලුතින් පත් කළ යුතුවේ.
RN