අවිචාරයෙන් අවිචාරයට, පොහොට්ටුවෙන් මාළිමාවට ….

Date:

ඉදිරි මැතිවරණයේදී පොහොට්ටුවෙන් ගැලවී නායයන සැලකිය යුතු චන්ද ප්‍රතිශතයක් මෙවර මාළිමාවට එකතුවිය හැකිය. එසේ වන්නේ මේ දේශපාලන කඳවුරු දෙකම ප්‍රබවය ලබන්නේ එකම “සිංහල බෞද්ධ” දෘෂඨිවාදය කේන්ද්‍ර කරගනිමින් වීම නිසා ඇතිව තිබෙන සමාන කම නිසාය..

මීට දසක ගනනාවකට පෙර එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක විසින් ශ්‍රී.ල.නි.ප. නිර්මාණය කලේ ඔහුට අනුවම සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පස්වැදෑරුම් බලවේගවල එකතුවකිනි. මෙහි අනෙක් බලවේග කෙසේ වෙතත් “සඟ” බලවේගය මුලින්ම තබාගත්තේ එහි තුල තිබූ ප්‍රබල සිංහල බෞද්ධ දෘෂඨිවාදය නිසාය..

එසේම ජ.වි.පෙ.ද එය නිර්මාණය කරගැනීමේදී පටන්ම සමස්ථ බලවේගයේ “සඟ” අඩංගුව තදින්ම තිබින..ජ.වි.පෙ. තුල වෘතීය අංශය, දේශපාලන අංශය සේම බික්ෂු අංශයද දැවැන්තව තිබින. වෙනකක් තබා ජ.වි.පෙ.සන්නද්ධ අරගලය පැවති කාලය තුලදී බික්ෂු බලකායක්ද තිබින, (කුඩාපොල බලකාය) මේ තුලින් මනාව ගම්‍යවන්නේ බලවේග දෙක අතර ඇති මතවාදීමය සම පාත බවයි..

එසේම ජ.වි.පෙ. විසින් මුල සිටම ඉදිරිපත් කල ආර්ථික වැඩපිලිවල යනු සිරිමාවෝගේ ජනසතුව හා සමාන ජාතික හා දේශීය නිශ්පාදනය කේන්ද්‍ර කරගත් සීයට සීයක් රාජ්‍ය විසින් මෙහෙයවන ආර්ථිකයකි.. එසේම මේ දෙපාර්ශවයම අඩු වැඩි වශයෙන් ගෝළීය ප්‍රාග්ධනයේ ආගමනයටද වෙළඳපොල ආර්ථිකයටද විරුද්ධය.. එයට හේතුවද මතවාදී ජාතිකවාදයේ සමානකමයි.

ඒ අනුව ඒක එපා වෙන විට මේකටත් මේක එපාවෙන විට ආපහු ඒකටත් චන්දය දෙන්නේ එකම ද්‍රෂ්ඨිවාදයක හිරවූ ප්‍රජාවකි.

88.89 බීෂණයෙන් පසුව ජ.වි.පෙ. ඉතිරිවූ බොහෝ අය චන්ද්‍රිකාගේ පෙරමුණට එක විය..කැරැල්ළට සහය පලකරමින් “හතරවෙනි තට්ටුව” නවකතා පොත සිංහලට පරිවර්තනය කල ජනතා කලාකරු,(සොඳුරු ආඥ්ඥාදායකයා) සුගතපාලද සිල්වාද, ජ.වි.පෙ. විමුක්ති ගී ගැයූ කපුගේද ඇතුළු සියළු ජනතා කලාකරුවන් අනූහතරේදී චන්ද්‍රිකාගේ වේදිකාවට නැග්ගේය..( සුනිල් මාධව හැර)

දැන් රාජපක්ෂලාගේ නායකත්වයෙන් යුතුව පොහොට්ටුව නමින් නාමකරණය වී ඇති සිංහලබෞද්ධ බන්ඩාරනායක ප්‍රවාහය මෙවර බරපතල අප්‍රසාදයට පත්වී ඇති බැවින් මෙවර පෙරකී චන්ද මාරුව තරමක් උද්වේගකර ලෙස සිදුවිය හැකි උවත් මේ කඳවුරු දෙක අතර චන්ද පදනම එහෙමෙහෙ වීම සරළ ප්‍රපංචයක් ලෙස මිස විප්ලවයක් ලෙස ගත නොහැකි යැයි සිතමි…

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...

අගමැතිනියට එරෙහි විශ්වාසභංගයට අපේ සහයක් නැහැ – ITAK

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන...