නේපාල පොලිසියට ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ප්‍රහාරයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 16 කොළඹ (LNW): නේපාලයේ පැවත්වෙන් ක්‍රීඩා සමාජ අතර පැවත්වෙන ටයිගර් කුසලාන වොලිබෝල් තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම නේපාල පොලිස් කාර්ය බලකා කණ්ඩායම පරාජය කරමින් වට 3 – 1 ජයග්‍රහණයක් ලබා ගන්නට සමත් වුණා.


නලීන් කරුණාරත්නගේ නායකත්වය යටතේ මේ තරගායලිය සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම වොලිබෝල් තරගාවලිය වන ජාතික ලීග් සූරතාවයට හිමිකම් කීම නිසයි.

ප්‍රථම තරගයේ දී ප්‍රථම වටයේදී තරගයේ අවසාන භාගය වනතෙක්ම පෙරමුණේ පසුවන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණ ද,පසුපසින් පැමිණි නේපාල පොලිස් කණ්ඩායම පළමු වටය ලකුණු 25 – 23 ක් ලෙස ජයග්‍රහණය කරනු ලැබුවා.දෙවන සහ තෙවන වටයේ දී යම් අභියෝගයක් නේපාල කණ්ඩායමෙන් එල්ල වුව ද,එය පාලනය කිරිමට තිබුණ හැකියාවේ යම් පසුබෑමක් නිසා එම තරග වට දෙක ශ්‍රී ලංකාවට ජය ලැබිය යුතු මට්ටමට වඩා පහළින් ජය ගන්නට සිදු වූවා.එම යට දෙකේ ලකුණු තත්ත්වය පිළිවෙළින් 25 – 19 ක් සහ 25 – 21 ක් ලෙස සටහන් වුණා.


අවසාන වටයේ දී ශ්‍රී ලංකා යුද හමුදාව සියලු බලය සහ වඩාත් නිවැරදි වූ ක්‍රීඩා රටාවකට පිවිසෙමින් නේපාල පොලිසීය ලකුණු 13 රඳවා සිය 25 වන ජයග්‍රාහී ලකුණ ලබා ගන්නට සමත් වුණේ තරගාවලිය නියෝජනය කරන සෙසු කණ්ඩායම්වලට ද අනතුරු හඟවමින්.හෙට ශ්‍රී ලංකාවට හමුවීමට නියමිතව ඇත්තේ නේපාල පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායමයි.

හෙට තරගය පහත සඳහන් සබඳතාවයට පිවිස සජීවීව නැරඹීමට හැකියාව ඇත.
https://www.youtube.com/watch?v=uqz7n_9ZOQ8

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රැවටෙන්න එපා. මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් – මහබැංකුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම...

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...