*
Friday, May 3, 2024
spot_img

Latest Posts

බෙදන දේශපාලනය වෙනුවට හදන දේශපාලනය අපි ගේනවා.එක හුස්මට වැඩ කර රට ගොඩ ගමු – AKD

කොළඹ LNW: “මුහුදට එලන මා දැල වගේ, එක වීරියට ඇදලා, මහා අස්වැන්නක් ගොඩට ගන්නවා වගේ” අපි හැමදෙනාම එක හුස්මට වැඩ කර මේ රට ගොඩනගමු යනුවෙන් ජාතික ජන බාල්වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා හම්බන්තොට දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් අවධාරණය කළේය.

පළමු කොට පුරවැසියන්ට අවශ්‍ය මූලික දේ සහතික කිරීමට කටයුතු කරන අතර සියලු දෙනා එක්ව රට ගොඩනගමු යනුවෙනුයි අනුර දිසානායක මහතා එහිදී පැවසුවේ.

මහජනයාගේ ධනය සතයක් හෝ හොරකම් නොකරන බව ඔප්පුකොට පෙන්විය හැකි බවත් බෙදන දේශපාලනය වෙනුවට හදන දේශපාලනය රට තුළ ස්ථාපිත කරන බවත් ඔහු සඳහන් කරන ලදී.

”අපේ රටට අවශ්‍ය අලුත් දේශපාලනයක්. බෙදන දේශපාලනය වෙනුවට හදන දේශපාලනයක්. මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ටිකිරි ගිණුම්, මහන මැෂිං, පිරිත් පොත්, මළ ගෙයක් වුණොත් හාල් මිටි එවන කප්පිත්තෙක් හිටියා. මේ බෙදන දේශපාලනය නැවැත්විය යුතුයි. අපේ රටේ මිනිසුන් යාචක තත්ත්වයට පත්කරලා, තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය ආදායම නැති, ගෙයක් හදාගන්න, දරුවට රස්සාව ගන්න, ආදායම් මාර්ගයක් උපයා ගන්න බැරි තත්ත්වයක් හදලා, එයාලා උඩින් ඉඳගෙන බෙදන ‘සිටුවරු’ බවට පත්වුණා. ඒ දේශපාලනයේ අන්තිම අවස්ථාවට අපේ රට ඇවිත් තිබෙනවා. දැන් බෙදන්න එනකොට ‘හූ’ කියන තත්ත්වයක් ඇති වෙලා. එක අමාත්‍යවරයෙක් අනුරාධපුරේ ෆිල්ටර් වගයක් බෙදන්න ගියා. මිනිස්සු ‘හූ’ කියන්න ගත්තා. මෙහෙත් පොල් පැල බෙදනකොට ගමේ ස්වාමීන් වහන්සේ කිව්වලු “බෙදන්න ඕන නම්, පන්සලේ තියල යන්න. මම බෙදන්නම්” කියලා. බෙදන දේශපාලනය රටට හෝ ජනතාවට හෝ සුගතියක් වුණේ නැහැ. පුරවැසියන් යාචකයන් බවට පත්කරලා, ඒගොල්ලන් සිටුවරු බවට පත්වෙලා ඒ අයගේ අතපල්ලෙන් වැටෙන කුමක් හෝ ලැබෙන්න කියලා දෑත් ඔසවාගෙන ඉන්න දේශපාලනයද අද අපට ඕනෑ? මේ දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේදි අපේ රටත් ජනතාවත් විශාල පීඩාවකට පත්වෙලා තිබෙනවා. අනිවාර්යයෙන් 2024දි මේ බෙදන දේශපාලනය අවසන් කොට හදන දේශපාලනයක් ස්ථාපිත කරනවා.”

මෙම බෙදන දේශපාලන වෙනුවට හදන දේශපාලනය ගොඩනැගීමේ විශාලතම ශක්‍යතාව ඇත්තේද කාන්තාවට බව එහිදී දිසානායක මහතා පැවසුවේය.

”අද ගමේ සක්‍රීයම සමිතියක් තිබෙනවා නම්, ඒ සමිතිය කාන්තා සමිතිය. සක්‍රීයම කාර්යභාරය කරන්නේ කාන්තාව. ඒක ඇවිස්සුණොත් නතර කරන්න බැහැ. මෙවැනි දේශපාලකයන්ට හොඳම පාඩම උගන්වන්නත් හැකියාව තිබෙන්නෙත් මේ රටේ කාන්තාවන්ට. මේ විනාශකාරී දේශපාලනය අවසන් කරන්න හැකියාව ඔබ තුළ ගැබ්වී තිබෙනවා. කාන්තාව තුළ තිබෙන තෙතමනය, හැඟීම, ලෙන්ගතුකම, යුතුකම ඉටුකිරීමේ වගකීම වැනි උදාර සංකල්ප ඒගොල්ලෝ තොරොම්බල් කරලා වේදිකාවේ වික්කා.

මහින්ද මහත්තයා කටුනායක ගුවන් තොටුපොළ ඉඹිනකොට ‘පපුව හෝස් ගාලා පත්තු වුණා’ කිවුවා. මේ මනුස්සයා මේ රටේ මාතෘ භූමියට මොනතරම් ආදරේද? කියලා හිතුවා. කාන්තාව තුළ තිබෙන ඒ හැඟීම එයාලා කූද්දනවා. දරුවෙක් වඩා ගත්තම “බලන්ඩකෝ පීතෘ සෙනෙහස උතුරනවා. මේ වගේ නායකයෙක් තමයි අපිට ඕනෑ” කියලා හිතුවා. එක පැත්තකින් දරුවා ඔසවා ගන්න ගමන් අනෙක් පැත්තෙන් දරුවාගේ අනාගතය විනාශ කළා. දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය කඩා වැට්ටුවා. දරුවාට රස්සාවක් නැති රටක්, ණය ගෙවාගන්න බැරි රටක්, නිර්මාණය කළා. ජනතාවගේ හිතට වඩා සමීප වචනය පාවිච්චි කර, ‘අප්පච්චි’ කියන පෝස්ටර් ගැහුවා. එදා අපි රැවටුණා. අද පේනවා අප්පච්චි කෙළපු කෙළිල්ල. එයා අප්පච්චි වුණේ, එයාගෙ දරුවන්ටයි, මැරෑටි දේශපාලකයන්ටයි, එයා වටා ඉන්න චෞර කණ්ඩායමටයි. පුරවැසියන්ට අප්පච්චි වුණේ නැහැ. අද බැරි බැරි ගානේ වේදිකාවට නගිනවා. කා වෙනුවෙන්ද? පුතා වෙනුවෙන්. පුරවැසියන් වෙනුවෙන් නෙවෙයි. මීටර් 20ක දුර පේන්නේ නැති එයා රෑ නිරීක්ෂණ චාරිකා යනවා.”

මේ වන විට බෙහෙත් පෙත්තෙන් පවා සොරකම් කරන තත්ත්වයක් උද වී තිබෙන අතර මෙය වෙනස් කිරීමට නම් මේ පාලකයින් පලව හැර බලය අතට ගත යුතු බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.

”අපේ ගම්වල මතයක් තිබෙනවා “කන දේකට වස දාන්න හොඳ නැහැ” කියා. හැබැයි සෞඛ්‍ය ඇමතිලා බෙහෙතට වස දානවා. දැන් හෙළිදරව් වෙලා තිබෙනවා, සමහර රෝගවලට ලබාගෙන තිබෙන ඉන්ජෙක්ෂන් එකෙන් දීලා තියෙන්නෙ වතුර. තව පරීක්ෂණයකින් හෙළිදරව් වී තිබෙනවා ඒ ඉන්ජෙක්ෂන්වල වෙනත් දිලීර වර්ගයක් තිබුණු බවට තොරතුරු. අප ගන්නා බෙහෙත්වලින් අප ලෙඩ ලබාගන්නවා. ඔබ හිතුවාද මෙහෙම පාලකයෝ ලංකාවේ අපට ලැබෙයි කියා. බෙහෙත් පෙත්තෙන් සොරකම් කරන පාලනයක්. මේ පාලකයන් පළවා හැර බලය අත්පත් කර ගැනීම අවසානය නොවෙයි. මේක වෙනස් කිරීමේ ආරම්භයයි. වැඩේ පටන් ගන්න ඕනෙ පාලකයන් පළවා හැර බලය අත්පත් කර ගැනීමේ ආරම්භයෙන්. දෙවනුව තිබෙන්නෙ මේ රට ගොඩනඟන එක.

පළමුකොට අපි පුරවැසියන්ට අවශ්‍ය මූලික දේවල් සහතික කරනවා. ආහාර පාන, අධ්‍යාපනය, සෞඛ්‍යය පහසුකම්, අපි ලබාදෙනවා. අපි ඔබ එකතු වෙලා හදමු, මේ රට. ගොවියා කුඹුරට යන්නේත්, ධීවරයා මුහුදට යන්නේත්, තමන්ට පමණක් පුද්ගලිකව යමක් ලබා ගැනීම සඳහා පමණක් නොවෙයි රටේ ආර්ථිකය පෝෂණය කරනවා යන අරමුණින්. දරුවා ඉගෙන ගන්නේ, තමන්ට පමණක් පුද්ගලිකව යමක් ලබා ගැනීම සඳහා පමණක් නොවෙයි රටක් හැටියට ඉස්සරහට ගෙනයාමේ අරමුණින්. ක්‍රීඩකයා ක්‍රිකට් ගහන්නේ අයි.පී.එල්. ගහන්න බලාගෙනම නොවෙයි; රටට කීර්තිය, අභිමානය ගේනවා කියන අරමුණින්. තරුණයා නව සොයා ගැනීම් කරන්නේ තමන්ට කීර්තිය ලබාගැනීම සඳහා පමණක් නොවෙයි රාජ්‍යය ගොඩනැගීමේ අරමුණින්, දේශපාලකයා රට පාලනය කරන්නේ තමන්ට යමක් උපයා ගැනීමේ අරමුණෙන් නොවෙයි, මෙ රට කීර්තිමත් රජ්‍යයක් බවට පත්කර ගැනීමේ අරමුණෙන්. අපි හැමෝම එක අරමුණකට පොරබැදුවොත් මේ රට ගොඩනගන්න පුළුවන්. “මුහුදට එලන මා දැල වගේ, එක වීරියට ඇදලා, මහා අස්වැන්නක් ගොඩට ගන්නවා වගේ” අපි හැමදෙනාම එක හුස්මට වැඩ කරලා මේ රට ගොඩනගමු.

ජනාධිපතිට දහස් ගණනක ආරක්ෂාවක් ඉන්නවා. ගමේ පොලිසියේ පොලිස් මහත්තුරු දහදෙනෙක් නැහැ. ඔය ජනාධිපතිගෙ ආරක්ෂක සේවා විසුරුවා හැරලා, ගමේ පොලීසිවලට එවනවා. ජනාධිපතිවරයා ඇතුළු චෞර වළල්ල අතේ තිබෙන මේ රටට ඔරොත්තු නොදෙන වාහන, පෙට්්‍රල් ලීටරයට කිලෝ මීටර් තුනක් දුවන වාහන තිබෙනවා. රනිල් වික්‍රමසිංහ පාවිචචි කරන වාහනය ලක්ෂ 3000යි. රටේ සිදුකරන ඉදිකිරීම් විනිවිදභාවයෙන් සිදුකරන බව අපි පෙන්වන්නම්. මහජනයාගේ ධනය සතයක් හෝ හොරකම් නොකරන බව ඔප්පුකොට පෙන්වන්නම්. ජනතාව, ඒ දෙන ආදර්ශයත් එක්ක වැඩ කරන්න ඉදිරියට එන්න. මේ නපුරුම හා විනාශකාරී අත්දැකීම් අපේ ජීවිතවලට ගෙනත් දී තිබෙන්නේ. අපි මෙයින් පාඩමක් ඉගෙන ගනිමු. අම්මලා, අක්කලා, නංගිලා, දියණියන් වන ඔබට මේ සමාජය නිද්‍රාශීලිත්වයට පත්කරන්නත් පුළුවන්. මේ සමාජය කූද්දලා අවදි කරන්නත් පුළුවන්. අපි දෙසැම්බර්වල කාන්තා මහා සමුළු පැවැත්වීම ආරම්භ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස පක්ෂයටත් නව ජවයක් ගෙනාවා. සමාජයටත් නව බලාපොරොත්තුවක් ගෙනාවා. එ අවදි කිරීම කළේ ඔබ. මේ රට අවදි කරන නව පුනරුද යුගයේ ආරම්භය වෙනුවෙන් පෙරට එමු.” යනුවෙන් දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan