ජනපතිගේ චීන සංචාරය අදින් අවසන්!

0
363

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ (LNW):

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිය චීන සංචාරයේ සාර්ථක අවසන් දිනය සනිටුහන්, කරමින් අද (17) දිනයේ චීනයේ චන්දු ප්‍රදේශයේ විද්‍යුත් නිෂ්පාදන කර්මාන්ත ශාලා කිහිපයක් නැරඹීමට නියමිත බව වාර්තා වේ.

පසුව , දුප්පත්කම තුරන් කිරීම සම්බන්ධයෙන් වන ආදර්ශ ගම්මානයක් නැරඹීමට සැලසුම් කර තිබෙන බව පැවසේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි (Wang Xiaohui) මහතා හමුවන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ ජාතික විද්‍යා, තාක්ෂණ හා කෘෂිකර්ම මධ්‍යස්ථානය නැරඹීමට ද නියමිත බව සඳහන් වේ.