“මහජන හඬ ” පොහොට්ටුව සමග විශේෂ සාකච්ඡාවක !

කොළඹ LNW:පක්ෂ විසි ගණනකින් සමන්විත”මහජන හඬ “නියෝජනය කරමින් එහි පක්ෂ නායකයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් අතර විශේෂ හමුවක් අද (18) බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ, පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්,සී.බී රත්නායක හා සංජීව එදිරිමාන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් සහභාගී විය.

මහාචාර්ය ජී.එල්.පීරිස්, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, පොදුජන එක්සත් පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා සහ එක්සත් මහජන පක්ෂයේ නායක ටිරාන් අලස් මෙම විශේෂ සාකච්ජාව සඳහා “මහජන හඬ” හි පක්ෂ විසිගණනම නියෝජනය කරමින් සහභාගී විය.

දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ මහාචාර්ය ජී.එල්.පීරිස්ගේ මැදිහත්වීම මත මෙම හමුව පැවති බවයි. ඔහු ඇතුළු විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද හමුවී සාකච්ජා පවත්වා තිබිණ.

අද පැවති හමුවේදී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා පවත්වා ඇත.

මෙම පක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ සහභාගීත්වයෙන් පසුගිය වසරේ නොවැම්බර් 21 වන දා නුගේගොඩදී “මහා ජන හඬ” යනුවෙන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් රැලියක් ද පැවැත්විණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...