*
Friday, January 17, 2025
spot_img

Latest Posts

අමතක කරලමු පැරණි කතා:එකම කොටයක් උඩට නගින්න හදන විපක්ෂය!

කොළඹ LNW: ආණ්ඩුව පැත්තෙන් Clean Sri Lanka වැඩසටහනට මූලිකත්වය දෙමින් අවශ්‍ය රාජ්‍ය රාජ්‍ය මැදිහත්වීම් සිදුකරමින් පවතින තත්ත්වයක අනෙක් පසින් ප්‍රධාන වශයෙන් විපක්ෂය දෙසින් මතුව තිබෙන කාරණයක් වන්නේ විපක්ෂයේ පොදු එකතුවීමක් ගැනය. මෙහිදී විශේෂයෙන් සංවාදය මතුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂය හා සමඟි ජන බලවේගය අතර වන බව හොඳින්ම පෙනෙන්නට තිබෙන කාරණයක්. විටින් විට දෙපාර්ශවයේම අය විවිධ මානයන්ගෙන් මේ එකතුව සම්බන්ධයෙන් මහජනයාට පණිවිඩ ලබා දීම සිදුකෙරෙමින් පවතියි. එජාපයේ ඛණ්ඩනයත් සමඟ පුද්ගල වශයෙන් සමඟි ජන බලවේගයට යම් පිරිස් බලයක් එකතු වුවද මේ වන විට දෙපාර්ශවයම දේශපාලනිකව අතරමං වූ ස්වභාවයක් පෙන්නුම් කර ඇත. අතේ දුරින් තිබුණු රාජ්‍ය බලයද ගිලිහෙන්නට මේ ඛණ්ඩනය හේතුවක් නොවූ බව කිව නොහැකිය. එහෙයින් දැන් දෙපාර්ශවයම තම තමන්ගේ ජන්ද ගණන් කරමින් යළිත් රාජ්‍ය බලය ලබා ගැනීමේ මුට්ටිය ජනතාව දෙසට දමමින් පසුවෙයි. අලුත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් සිරිකොතට ටටා බායි කියූ සමඟිය මේ මොහොත වන විට යළි එක්වීම වෙනුවෙන් සාකච්ජා කිරීමට අවශ්‍ය පක්ෂ අභ්‍යන්තර අනුමැතිය ද ගෙන තිබේ. ඒ අනුව සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (16) පස්වරුවේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී රැස්ව තිබුණු අතර එහිදී මෙම අනුමැතිය ලබාගෙන තිබුණි. ඒ අනුව යටිබිම්ගතව පැවති සාකච්ජා දැන් එළිපිටම සිදුකළ හැකිය.

කොහොමත් මේ වන විට සමඟිය තුළද සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය සම්බන්ධයෙන්ද අභියෝගාත්මක තත්ත්වයක් මතුව තිබෙන අයුරු පෙනෙන්නට තිබේ. මහ මැතිවරණයේ ප්‍රතිඵලයෙන් පසු හා ඔවුන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නම් කිරීමේදී ඇතිව තිබුණු විවිදාත්මක තත්ත්වයත් ඊට හොඳම උදාහරණය. එතකින් නොනැවතී පසුගියදා සමඟියේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද මාධ්‍ය හමුවේ සෘජුව පැවසුවේ සජිත් ප්‍රේමදාස තමන්ගේ දුර්වලතා නිවැරදි කර නොගෙනම ඉදිරියට යන්න හදනවා නම් බහුතරයක් දෙනා යළි එජාපය හා එක්වනු ඇති බවයි.

”දැන් මතයක් තියෙනවා සමඟි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වෙලා යන්න ඕනේ කියල. සමහරක් කට්ටිය කැමතියි. සමහරක් කට්ටිය කැමති නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා ගන්න ඕන තීරණයක් ඒක. පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු කරලා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ යම් යම් අඩුපාඩු හදාගෙන ගියේ නැත්නම් බොහෝදෙනා සජිත් ප්‍රේමදාස මහත්තයව අතහැරලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ළඟට යයි. මගේ නම් එහෙම බලාපොරොත්තුවක් නැහැ. මම මේ පක්ෂයේම දිගටම ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ අලුතින් හදපු පක්ෂය ඇතුලේ මට තාම ලොකු වගකිමක් තියෙනවා මට ජන්දය දුන්න මිනිස්සුන්ගෙන් ජන්දය ලැබුණේ ටෙලිෆොනයට කතිරය ගහපු නිසා. නයකත්වය තීරණය කළොත් අපි සාකච්ජා කරනවා ඉස්සරහට මොකක්ද කරන්නේ කියල, මට හිතෙන්නේ මෙහෙමයි.සමහර පාක්ෂිකයෝ කියනවා එකතුවෙන්න ඕනේ කියල. සමහර පාක්ෂිකයෝ කියනවා එකතු වෙන්න ඕනේ නැහැ කියල. සජිත් ප්‍රේමදාස මහත්තය පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කරන්නේ නැතුව ගියොත් අන්තිමට සියලුම පාක්ෂිකයෝ කියයි එකතුවෙන්න ඕනේ කියල. අපි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයට මෙතනට ආපු කට්ටිය. එතුමා වෙනස් වෙලා එතුමාගේ නායකත්ව ලක්ෂණ වෙනස්වෙලා එතුමාගේ වටේ අඩුමගානේ වැඩක් කරන්න පුළුවන් පිරිසක් එකතුකරගෙන මේ ගමන ගියොත් කාඑක්කවත් එක්කහු වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා එතුමා තීරණය කරන්න ඕනේ මොකක්ද ඉස්සරහට කරන්නේ කියල.”

ඒ අනුව සමඟියේ අභ්‍යන්තර සමඟියේද පළුද්දක් ඇතිව තිබෙන හෙයින් දැන් ඔවුන්ටද සිදුව ඇත්තේ හෙමි හෙමින් ගිලෙමින් තිබෙන නෞකාවටම වී නොසිට ගිලෙන්නට නොදී නැව බැලන්ස් කිරීමය. දැන් එජාපයත් සමඟියත් සූදානම් වන්නේ කළ වැරදි අකාමකා කරගනිමින් යළිත් එකම නැවකට නැගගන්නටය. රටේ ප්‍රධාන දක්ෂිණාංශික කඳවුර එලෙස එකට එක්වුවහොත් ඒ වටා ශේෂ වී තිබෙන සෙසු කණ්ඩායම් එහෙන් මෙහෙන් එල්ලා `ගැනීමට ඔවුන්ට පසුව හැකිය.

කෙසේවෙතත් ජාතික ජන බලවේගය ලද මැතිවරණ ජයග්‍රහණය විසින් සෙස්සන්ට තම තමන් සිටිනා දේශපාලන ආස්ථානයන් ගැන යළි යළිත් සිතා බලන්නට බල කර තිබේ.

මේ අතර මජනතාවද ජාතික ජන බලවේගයේ ආණ්ඩුව දෙස කාලය දෙමින් බලාසිටින්නේ තමන්ගේ කතිරයට ආණ්ඩුව වගවෙනු ඇති බවට වූ ඉතා දැඩි අපේක්ෂාවකින්ය. වසර 76ක් තිස්සේ එක එක වංගු ගසමින් රට බංකොලොත් වෙනතුරුම බල්ටි පිට බල්ටි ගැසුවේ වෙන ග්‍රහලෝකයකින් මේකට පාත් වූ පිරිසක් නොවන බවද දැන් මහජනතාව ද හොඳින්ම දන්නා කරුණකි. එහෙයින් සමඟියේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසන පරිදි දක්ෂිණාංශික කඳවුර එකට එකතු වෙන එක කෝකටත් හොඳය. හවුලේ කැඳත් එපා කියා කතාවට කිව්වට දැන් විපක්ෂයට එක තැනකට එකතු වෙනවා මිස ඊට මෙහා විසඳුමක් ඔවුන්ට නොමැති බවද පැහැදිලිය.

දේශපාලනය කියන්නේ කොහොමත් බලය ලබා ගැනීමය. ලබා ගත් බලය පවත්වාගෙන යාමද එහිම කොටසකි. ලංකාව වැනි රටක බලයේ සිටි අය බලයේ රහ දන්නා නිසාම ඔවුන්ට බලය නොමැතිව කාලය ගත කිරීම ප්‍රශ්නයකි. අඩුම තරමේ තමන්ගේ පැත්තේ මහජන මතයද ගිලිහෙමින් පැවතීම දරාගැනීමද ඒ අයට අපි හිතන තරම් ලෙහෙසි නැත. බලයේ හැටි එහෙමය. ඒ නිසා බලය අත්පත් කරගැනීමට නම් ඒකරාශී වීම වැදගත්ය. එතැනදී මරික්කාර් මන්ත්‍රීවරයාගේ කතාවේ වරදක් නැත.

”එක්සත් ජාතික පක්ෂය එක්ක විතරක් නෙවෙයි. වර්තමානයේ තියෙන්නේ වාමාංශික රජයක්. ඒ නිසා දක්ෂිණාංශික කඳවුර ඒකාබද්ධ කිරීමේ මෙහෙයුමක් තමයි යන්නේ. එතන එක්සත් ජාතික පක්ෂයත් ඉන්නවා අනෙක් කුඩා කුඩා බලවේගත් ඉන්නවා. ඒකට අපි නියෝජිතයෙක් නිල වශයෙන් පත්කරලා තියෙනවා. සාකච්ජා ඉවර වුණාම ඒකේ ප්‍රගතිය අනිවාර්යයෙන් දැනුම් දෙනවා. මෙතන තියෙන්නේ දක්ෂිණාංශික කඳවුර එකතු කිරීම විනා කවුද නායකයා, කවුද මහ ලේකම්, කවුද ජාතික සංවිධායක කියල වගේ තෝරන සංගීත පුටු තරඟය වගේ එකක් නෙවෙයි. මොකද දේශපාලනය කියන්නේ බලය ලබාගැනීම. බලය ලබාගැනීම සඳහා ඒකරාශී වෙන්න ඕනේ,ඒකාබද්ධ වෙන්න ඕනේ,සන්නද්ධ වෙන්න ඕනේ. සුදුසු නායකයා එක්ක තමයි ඒක යන්නේ. හැබැයි මම එක දෙයක් කියන්න කැමතියි එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසනයක්වත් නැහැ. සමඟි ජන බලවේගය මේ රටේ ප්‍රධාන විපක්ෂය, මන්ත්‍රී ධූර 40ක් එක්ක තියෙන පක්ෂයක්. ඒක අනුව ගොඩක් දේවල් තීරණය වේවි.”

ඒ අනුව මේ එකතුවීම කුමනාකාර වනු ඇත්ද? විපක්ෂය හසුව තිබෙන දේශපාලන සුනාමියෙන් ඔවුන්ම ගැලවිය යුතුය. ඒ වෙනුවෙන් ”අමතක කරලමු පැරණි කතා” යනුවෙන් පැවසීම ද අරුම පුදුම දෙයක් නොවේ. එජාපය සමඟ එක්වීමේ හැකියාව පිළිබඳ සාකච්ජා සඳහා සමඟියේ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලැබීමම ඊට කදිම සාක්ෂියකි. කොහොමත් දැන් වාර්තා වෙන පරිදි සමඟියේ බහුතරයක් කියමින් සිටින්නේ යළි දෙපාර්ශවය එක්විය යුතු බවයි. කොහොම නමුත් ඔවුන් දෙගොල්ලන්ම යූඑන්පී වීම නිසා එල්ල වන බාධාවන්ද බොහෝ සෙයින් සමනය කරගනු ඇත. ඔවුන්ගේ දේශපාලන සාමීචි,අරමුණු මැද රට නැවත පරණ පුරුදු පිට්ටනියට රැගෙන යන්නේ නම් ඒ ගැන තීන්දුවක් ජනතාවට ගැනීමට සිදුවනු ඇත. ඒ නිසාම මේ එකතුවේ ස්වභාවය දැකගැනීමම වටින්නේය.

එජාපය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසා තිබුණේ නම් ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර මේ එකතුව සිදුවිය යුතු වන බවයි.

”මාලිමාව යන ගමන ඉතාම බරපතලයි පොරොන්දු කිසිවක් ඉෂ්ට කරන්නේ නැහැ ඒ නිසා වෙනවෙනම ජන්දය ඉල්ලු පක්ෂ එකට එකතු වෙන්න ඕනේ. ආර්ථික නැවත වැටෙනවා. හාල් බෙදාගන්න බැහැ. පොල්ටික පාලනය කරගන්න බැහැ. මේ තත්ත්වයට ඉඩ නොදිය යුතුයි. අපි එකතු වෙලා මේ වැඩේට මුහුණ දෙන්න ඕනේ. ඒ ඇතුලේ තමයි සාකච්ජා පටන් අරන් තියෙන්නේ. ධනාත්මක ප්‍රතිඵලයක් එයි.”

මෙම තත්ත්වයන් මැද එජාපය හා සමඟිය එක තැනකට එනු ඇත. එය ඔවුන්ගේ දේශපාලන තීන්දු තීරණ ගැනීමට ඇති නිදහසයි. අයිතියයි. කතාවේ හොඳම හරිය එනු ඇත්තේ මේ එකතුවෙන් පසුවය. දේශපාලන (මැතිවරණ) සුනාමියෙන් ගැලවීමට එකම කොටයක් උඩට මේ සියල්ලෝම නගිනු ඇත. දේශපාලන ආහ්ලාදයන්,ප්‍රහසන,අමුතු අමුතු ජිමික්ස් මතුවනු ඇත. ඉතින් මේ දේශපාලන පිට්ටනිය දෙස බලා හිඳිම කොහොමත් නීරස දෙයක් නම් නොවනු ඇත. සියල්ල දැක අවසානයට ඇත්තේ යළි නිවැරදි පැත්තට හැරිමම පමණක් නොවේද?

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan