ජපානයට යාමෙන් වළකින ලෙස චීනය සිය පුරවැසියන්ට උපදෙස් දෙනවිට ටෝකියෝවෙන් හමුදා ප්‍රතිචාරයක් අවශ්‍ය විය හැකි බව ජපානයේ අගමැතිනිය කියයි

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය, ජපානයේ චීන තානාපති කාර්යාලය සහ කොන්සල් කාර්යාලya විසින් සිය පුරවැසියන්ට ජපානයට යාමෙන් වලකින ලෙස උපදෙස් දී තිබේ.

මෙයට හේතු වී ඇත්තේ ජපානයේ නව අග්‍රාමාත්‍යවරිය වන සනේ ටකයිචි විසින් තායිවානය සම්බන්ධයෙන් පැහැදිලිවම ප්‍රකෝපකාරී ප්‍රකාශ නිකුත් කිරීමයි.

පසුගිය නොවැම්බර් 7 වන දින ජපානයේ නව අග්‍රාමාත්‍යවරිය විසින් සිය රටේ ආත්මාරක්ෂාව වෙනුවෙන් ජපන් දූපතේ සිට කිලෝමීටර 100 ක් දුරින් පිහිටි තායිවාන ස්වයං පාලිත දූපතට එරෙහිව සන්නද්ධ ප්‍රහාරයක් දියත් කිරීමට ටෝකියෝවෙන් හමුදා ප්‍රතිචාරයක් අවශ්‍ය විය හැකි බවට ප්‍රකාශ කිරීමත් සමඟ චීනය සමඟ හොඳහිත පලුදු වී ඇත.

චීනය සහ ජපානය ප්‍රධාන වෙළඳ හවුල්කරුවන් වන නමුත් භෞමික එදිරිවාදිකම් සහ මිලිටරි සබඳතා සම්බන්ධයෙන් නිරන්තරයෙන් ගැටළු ඇතිකර ගනියි.

කෙසේ නමුත්, උත්සන්න වන රාජ්‍ය තාන්ත්‍රික ආරවුල නොතකා, ටකයිචි එතැන් සිට තම ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට අදහස් නොදක්වා ඇති අතර මේ හේතුවෙන් චීනය, ජපාන තානාපතිවරයා කැඳවා ඇති අතර 1945 දක්වා ජපානය දශක ගණනාවක් තිස්සේ අත්පත් කරගෙන සිටි තායිවානය තම භූමියේ කොටසක් බවත් පාලනය අල්ලා ගැනීම සඳහා බලය යෙදවීම ප්‍රතික්ෂේප කර නොමැති බවත් බීජිං අවධාරනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...