රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW :
ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින්, මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකාය විසින් 17 වැනි වරටත් සංවිධානය කරනු ලබන DOSTI XVII – 2026 නාවික අභ්‍යාසය සඳහා සහභාගීවීමට , ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල නෞකාව 2026 ජනවාරි මස 14 වැනි දින කොළඹ වරායෙන් මාලදිවයිනේ මාලේ අගනුවර බලා පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව, 2026 ජනවාරි මස 16 වැනි දින සිට 19 වැනි දින දක්වා මාලදිවයිනේ මාලේහිදී පැවැත්වීමට නියමිත මෙම නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල නෞකාව සහභාගීවීම මඟින්, ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින අතර පවත්නා ශක්තිමත් සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගිතාවය වර්ධනය කිරිම සඳහා වූ සාමූහික කැපවීම තහවුරු වනු ඇත.

එමෙන්ම, කළාපීය නාවික හමුදා සහභාගීවන මෙවැනි නාවික අභ්‍යාස සඳහා සහභාගී වීම මඟින්, ශ්‍රී ලංකා නාවික හමුදාවට කළාපීය නාවික හමුදා සමඟ අන්තර් ක්‍රියාකාරීත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කර ගැනීම, සමුද්‍රීය මෙහෙයුම් සම්බන්ධ නව දැනුම, කුසලතා ක්‍රමෝපායයන් සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම, නව අභියෝග හඳුනාගැනීම සහ ඒ සඳහා සාමුහිකව විසදුම් සෙවීම හා ප්‍රථිචාර දැක්වීමට හැකිවීම වැනි ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇත.


