කොළඹ කොටස් වෙළඳපොල ඉතිහාසයේ පළමුවරට එක් දිනක් තුළ ඒකක 1000 ඉක්මවා කඩාවැටීමක්

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ (ASPI) වාර්තා වූ වැඩිම පරිහානියේ ඊයේ (03) දිනයේ දී වාර්තා විය.

එහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 1,290.68කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 22,443.38ක් ලෙසින් සටහන් වුණි. මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසීමේ දී 5.44%ක පහළ යාමකි.

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොල ඉතිහාසයේ තනි දිනක් තුළ දී සියලු කොටස් මිල දර්ශකය, ඒකක 1,000 ක් ඉක්මවා පහළ ගිය පළමු අවස්ථාව මෙයයි.

එසේම, ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේ S&P SL20 දර්ශකය ඒකක 322.32කින් පහළ ගොස් ඒකක 6,313.65ක් ලෙසින් සටහන්විය. මෙය 4.86%ක පහළ යාමකි.

ඊයේ (03) දිනයේ ගනුදෙනු ආරම්භ වී පළමු මිනිත්තුවේ දීම කොටස් වෙළෙඳපොල ගනුදෙනු මිනිත්තු 30ක කාලයක් සඳහා අත්හිටුවනු ලැබීය. ඒ S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට (27) සාපේක්ෂව 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම හේතුවෙනි. ඉන් අනතුරුව පෙරවරු 10.01ට දෛනික ගනුදෙනු යළි ආරම්භ වූ අතර මධ්‍යහ්නය වන විට මෙම කඩා වැටීම යම්තාක් දුරකට සමනය වීමක් දිස් වුවද ඉන් පසු නැවත වරක් මිල දර්ශකවල පහළ යාමක් දක්නට ලැබුණි.

රු. බිලියන 9.56ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් ද ඊයේ දිනයේදී වාර්තා වී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...