ඩොලර් නැතුව ඉන්ධන ගොඩබෑම ඇණහිටී – ප්‍රමාද ගාස්තු කෝටි 06 පනී

ඉන්ධන තොග රැගත් නෞකා හතරක් පමණ මේ වනවිට කොළඹ වරාය වෙත පැමිණ ඇතත් ඉන්ධන ගොඩබෑම ඇණහිට තිබෙනවා. ඉන්ධන සඳහා අවශ්‍ය ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් ඉන්ධන ගොඩබෑමේ කටයුතු ඇණහිට තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ නිසා ප්‍රමාද ගාස්තුද ගෙවීමට සිදුව ඇති අතර මේ වනවිට ප්‍රමාද ගාස්තු ඇමරිකානු ඩොලර් ලක්ෂ 03 (රුපියල් කෝටි 06) ඉක්මවා තිබෙනවා.

මේ වනවිට ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 බැගින් අඩංගු නෞකා දෙකක්, ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000 ක් අඩංගු නෞකාවක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 30,000 ක් අඩංගු නෞකාවක් කොළඹ වරාය වෙත පැමිණ තිබේ. මින් ඉන්ධන ගොඩබෑමේ කටයුතු ආරම්භ කර තිබෙන්නේ පෙට්‍රල් අඩංගු නෞකාවේ පමණි.

ඉන්ධන ඇනවුම් කළද අදාල ඉන්ධන සඳහා අවශ්‍ය ඩොලර් නිදහස් කරන තෙක් ගොඩබෑමේ කටයුතු සිදුකළ නොහැක. ඉන්ධන ගොඩබෑම තවදුටත් කල්දැමීමට සිදු වුවහොත් ප්‍රමාද ගාස්තු තවදුරටත් ඉහළ යනු ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව අද ප්‍රහාරයක් එල්ල විය හැකි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ඉරානයට එරෙහිව...

බ්‍රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්‍රසීල ජනාධිපතිවරණයේ...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....