*
Friday, March 29, 2024
spot_img

Latest Posts

වසංගතය නිසා ලෝකයේ ලොකුම ධනවතුන් 10 දෙනා ගිය වසරේදී දෙගුණයකටත් වඩා ධනවත් වෙලා!

2021 වසරේ කෝවිඩ් වසංගතය සමය තුළ ලෝකයේ ලොකුම ධනවතුන් දස දෙනා දළ වශයෙන් දෙගුණයකටත් වඩා ධනවත් වී ඇති බව Oxfam සංවිධානයේ නවතම වාර්තාව හෙළි කරයි.

මේ බව හෙළි වන්නේ ඔවුන් විසින් ප්‍රකාශයට පත් කර ඇති ‘ගෝලීය අසමානතාවය’ පිළිබඳ වාර්තාව මගිනි. ඩාවෝස් නුවරදී ඇරඹුණු ලෝක ආර්ථික සංසදයේ ආරම්භක දිනයේදී ඔවුන් විසින් මෙම 2021 වාර්ෂික වාර්තාව එළිදක්වා තිබේ.

දිනකට 21,000 දෙනා බැගින් ලොව පුරා මිය යන කෝවිඩ් වසංගතය හමුවේ දැකගත හැකි වූ නියත ලක්ෂණයක් වූයේ දුප්පතුන් තවත් දුප්පත් වීම ය. ඔවුන් එදා වේල පිරිමසා ගත නොහැකි තත්වයට පත් වීම ය. නමුත් මෙයට සාපේක්ෂව ලෝකයේ ලොකුම ධනවතුන් තවත් ධනවත් වී තිබේ!

වසංගතයේ ගෙවන සෑම දිනයකදීම අලුත් බිලියනපතියෙකු බැගින්!

”මේ වසරේ සිදුවන දේ සිතාගත හැකි පරිමාණයෙන් ඔබ්බෙහි පවතින්නේ. වසංගතයේ සෑම දිනකම අලුත් බිලියනපතියෙක් බැගින් බිහිවෙමින් තිබෙනවා.

”මේ අතරේ ලෝක ජනගහනයෙන් 99%ක් ලොක්ඩවුන් තත්ව ඇතුළු අති දුෂ්කරතා රැසක් මැද ජීවත් වෙනවා. ලෝක වෙළඳාම ඇද වැටිලා. අන්තර්ජාතික සංචාරක කර්මාන්තය බිඳ වැටිලා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මිලියන 160කට අධික ජනගහනයක් දුප්පත්කමේ ගිලී සිටිනවා..” යැයි ඔක්ස්ෆෑම් ප්‍රධානී ඩැනී ශ්‍රීකන්දරාජා පැවසීය.

”අපේ ආර්ථික ක්‍රමයේ දැඩි දෝෂ සහගත බවක් තිබෙනවා” යැයි ද ඔහු එහිදී තවදුරටත් පැවසීය.

ටෙස්ලා අධිපති එලන් මස්ක්ගේ ධනය 1000%කින් වැඩි වෙලා!

ෆෝබ්ස් සඟරාව විසින් එළිදක්වා තිබෙන Forbes Billionaires List අනුවලෝකයේ ධනවත්ම දස දෙනා මෙහිදී Oxfam සංවිධානයේ පර්යේෂණයට ලක් වෙයි. ඔවුන් මෙසේ ය.

  • එලන් මස්ක්
  • ජෙෆ් බෙසොෆ්
  • බර්නාඩ් ආනෝල්ට් සහ පවුල
  • බිල් ගේට්ස්
  • ලැරී එලිසන්
  • ලැරී පේජ්
  • සර්ජි බ්‍රින්
  • මාර්ක් සකර්බර්ග්
  • ස්ටීව් බෝල්මර්
  • වොරන් බුෆේ

මේ අයගේ සමස්ත ධනය ඩොලර් බිලියන 700 සිට ඩොලර් ට්‍රිලියන 1.5 දක්වා වසංගත සමය තුළ පසුගිය වසරේදී වැඩි වී තිබේ.

ටෙස්ලා සහ පේපෑල් අධිපති එලන් මස්ක්ගේ ධනවත් බව 1000%කින් ඉහළ ගොස් තිබේ. මේ අතර, බිල් ගේට්ස්ගේ ධනවත්කම 30%කින් ඉහළ ගොස් තිබේ. සෙසු අය සියල්ලම මෙම 1000% සහ 30% සීමාව අතර යම් තැනක පසු වෙති.

ජෙෆ් බෙසොෆ් සිය ධනයෙන් වැඩි කොටස පසුගිය වසරේ වියදම් කළේ සිය Blue Origin ව්‍යාපෘතිය හරහා අජටාකාශයට යන්නට ය.

ජෙෆ් බෙසොෆ්

ලෝක බැංකු දත්ත ද ඔක්ස්ෆෑම් සංවිධානය විසින් මේ පර්යේෂණ වාර්තාව සඳහා යොදා ගනියි.

සෑම තත්පර 4කටම වරක් මරණයක්!

ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙන්නේ සෑම තත්පර 4කටම වරක් සෞඛ්‍ය පහසුකම්, සාගින්න, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් කරගත් ප්‍රචණ්ඩතා සහ දේශගුණික බිඳ වැටීම් හේතුවෙන් මරණයක් වාර්තා වන බව ය.

ලෝක ජනගහනයෙන් මිලියන 160 කට වඩා ජීවත් වන්නේ දිනකට පවුම් 5.50 කට වඩා අඩු ආදායමක් ලබමිනි. ඉහළ-මැදි ආදායම් ලබන රටවල දුප්පත්කම මැනීම සඳහා ලෝක බැංකුව විසින් පාදම රේඛාව ලෙස යොදාගන්නේ දෛනික ආදායම ඩොලර් 5.5 කි.

ඔක්ස්ෆෑම් වාර්තාවේ ඇති අනෙකුත් වැදගත් කරුණු

ගෝලීය වසංගතය හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් සමාජ සුබසාධනය සඳහා කරන වියදම් කපා හැර තිබෙන්නේ ජාතික ණය ඉහළ යාමත් සමග ය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ අසමානතා ඉහළ ගොස් තිබේ. 2019 වසරේදී ලෝකයේ ශ්‍රම බලකායේ ස්ත්‍රී සහභාගිත්වය මිලියන 13 ක් දක්වා අඩු විය. මේ අතර, මේ වන විට මිලියන 20 ක ගැහැණු ළමෝ, නැවත කිසිදා පාසල් යා නොහැකි අවදානමකට පාත්‍ර වී සිටිති.

එක්සත් රාජධානිය, බංග්ලාදේශය සහ ඇමරිකාවේ කළු ජාතික ප්‍රජාව, කෝවිඩ් වසංගතය හේතුවෙන් වැඩි වශයෙන්ම අගතියට පත් වාර්ගික සුළුතරයෝ අතර වෙති.

මෙම ලෝක ආර්ථික සංසදයේ රැස්වීම සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර අති සුන්දර සහ සුවපහසු ස්කී නිකේතනයක දේශපාලන නායකයන්, ජනප්‍රිය පුද්ගලයන්, ආර්ථික විශේෂඥයන් සහ මාධ්‍යවේදීන් පිරිවරාගෙන වුවද, මෙවර ඔමික්‍රෝන් වසංගතය හමුවේ එය මාර්ගගත ක්‍රමයට හෙවත් ඔන්ලයින් ක්‍රමයට පැවැත්වේ.

අමාලි ජයවීර – අවුට්බවුන්ඩ් ටුඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan