*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

අනාගතය සුන්දර කිරීම

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පදවිය භාර ගැනීමත් සමඟ රටේ තරුණ පරපුර තුළ මහත් උද්‍යෝගයක් ඇති විය. සමහරු විදේශ රටවල සිට යළි මව් බිමට පැමිණියහ. තව සමහරු කණ්ඩායම් වශයෙන් ප්‍රසිද්ධ ස්ථානවල චිත්‍ර අඳින්නට පටන් ගත්හ. තවත් සමහරු පුරන් කුඹුරු වගා කරන්නට පටන් ගත්හ. එහෙත් මේ පෙරළිය පැවැතියේ ස්වල්ප කාලයකි.

එක්කෝ පාලකයන් තරුණ පරම්පරාවේ හැඟීම් වටහා ගත්තේ නැත. එසේ නැතහොත් තරුණ පරම්පරාව පාලකයන්ගේ දැක්ම හා වැඩසටහන් හඳුනා ගත්තේ නැත. ජනාධිපතිවරයා සිය කතාවේදී තරුණ පරපුරට නැවත ආරාධනා කළේය. ඒ නැවතත් අපි එකට වැඩ කරමු යනුවෙන්ය.මේ වසර ක්‍රියාශීලී එකක් යැයි නම් කිරීමට හේතුසාධක තිබේ. ආණ්ඩුව සිය සංවර්ධන ව්‍යාපෘති වේගවත් කර ඇති අතර ඒවා ජනතා අයිතියට පැවරීම ද දිගටම කරගෙන යයි. වේගවත් සංවර්ධනයක් කෙරෙහි ද ආර්ථික පිම්මක් කෙරෙහි ද ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව පෙනෙයි. විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුව ඉලක්ක ජය ගත යුතු බව ආණ්ඩුවේ නායකයන් වටහාගෙන තිබේ.

ජනාධිපතිවරයා සිය කතාව අවසන් කළේ මා කෙරෙහි විශ්වාසය තබන්න, එය කිසිවිටෙක බිඳ වැටීමට ඉඩ තබන්නේ නැතැ’යි යන්න අවධාරණය කරමින්ය. එය අප සිල්ලන්ම දිරිගන්වනසුලු කතාවකි.ඉතිහාසය පුරා දිගටම පාලකයන් අධිවේගී මාර්ග ගැන කතා කර තිබුණ ද එය යථාර්ථයක් කර ගැනීමට ක්‍රියා කර නැත. රටේ පළමුවන අධිවේගී මාර්ගය නිමවා ජනතා අයිතියට පත් කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවය. දැනට නව අධිවේගී මාර්ග හදන්නේ ද ඔහු අගමැතිවරයා වන ආණ්ඩුවය. අධිවේගී මාර්ග දිගේ තමන්ගේ ගමන් පහසුව භුක්ති විඳින ඇතැමුන් එහි වාසිය ගනිමින්ම මාර්ගය ඉදි කළ අයට බැණවදින බව අගමැතිවරයා පෙන්වා දුන්නේය. රාජපක්ෂවරුන්ට හෝ රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවලට හෝ බැණවැදීමෙන් පලක් නැති බව පෙනී යයි. ඊළඟ මාස දහඅට තුළ මධ්‍යම අධිවේගී මාර්ගය කඩවතට යා වීමට නියමිතය.කොවිඩ් වසංගතය නිසා ආපස්සට ගිය ශ්‍රී ලංකාව යළිත් වේගවත් ගමනකට හෙවත් ඉදිරි පිම්මකට සූදානම් බව පැහැදිලිය. මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස සඳහා රුපියල් බිලියන එකසිය හතළිස් නවයක් වැය වී ඇති බව සඳහන්ය. ඒවා දේශීය මුදල්ය.

මේ මාර්ගය මුළුමනින්ම ඉදි වී ඇත්තේ දේශීය ඉංජිනේරුවන්ගේ නිර්මාණාත්මක හැකියාව මතය. පරිසරය ආරක්ෂා කරමින් හා සමාජීය ගැටලු අවම කරමින් ඉදිකිරීම් නිමාවට පත් වී ඇත. යග්ගපිටිය උත්සව භූමියේ සිට ඈත බලන විට අධිවේගී මාර්ගය ඈතට විහිදී යන ආකාරය දැක ගත හැකිය. සාරවත් කුඹුරු යාය හා මිටි කඳු ගණනාවක් මාර්ගය දෙපසින් දැකගත හැකිය. එය අතිශය සුන්දර දර්ශනයකි. මේ මාර්ගය මෙන්ම රටේ අනාගතය ද සුන්දර විය යුතුය.

#ඇත්ත Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan