කාබනික සුපිරි වෙළෙඳසැල් ජාලයක්

0
415

මීලග කන්නයේ වී අස්වැන්න සඳහා රුපියල් 75/= ක මුදලක් රජය විසින් ගෙවීමට තීරණය කර ඇත. එය මෙම කන්නයේ රුපියල් 50/= ක් වැනි මුදලකි. මෙසේ වී අස්වැන්න වැඩි මුදලක් ලබාදීම තුළින් ගොවියා නගා සිටුවීම අපේක්ෂාවයි . එසේම කාබනික නිශ්පාදන සඳහා හොඳ ඉල්ලුමක් , හොඳ වෙළඳපොළක් රට තුළ නිර්මාණය වෙමින් පවතී. එම නිසාවෙන් කාබනික සුපිරි වෙළඳවෙළඳසැල් ජාලයක් රටපුරා ස්ථාපිත කිරීමට රජය විසින් කටයුතු කර තිබේ.

මෙරට ප්‍රථම වතාවට මෙය සිදු කරනු ලබන්නේ බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරිය මගිනි. වස විසෙන් තොර ආහාර ජනතාවට ලබාදීමට අගය එකතු කරන ලද කාබනික නිශ්පාදන වෙනුවෙන් මූලිකත්වය ලබාදීම ද , මෙම කාබනික වෙළදසැල් මගින් සිදු කිරීමට නියමිතයි. බස්නාහිර පළාත ආවරණය වන පරිදි කාබනික වෙළඳසැල් 40 ක් ආරම්භ කිරීමට නියමිතයි.

මෙහි පළමු අදියර ලෙස කොට්ටාව , කටාන සහ වස්කඩුව යන ප්‍රදේශ වල සුපිරි වෙළෙඳසැල් 3 ක් ආරම්භ කිරීමට නියමිතයි. මෙම වෙළෙඳසැල් තුළ හෙලබොජුන් හල්ද ආරම්භ කෙරෙනු ඇති.දිනෙන් දින නව ක්‍රම හඳුන්වා දෙමින් රජය ගෙනයන ක්‍රියාමාර්ගයන් වෙනුවෙන් හදවතින්ම ස්තූතිය පුද කරමු…

රෂිකා සඳමාලි හෙන්නායක Facebook

Sponsored Article

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here