විදුලිය දෙන්න ඉන්ධන තියෙන්නේ දවස් තුනකට විතරයි.IOC එකෙන් හරි තෙල් ටිකක් ගන්න උත්සහ කරනවා – ඇමති ලොකුගේ (VIDEO)

0
517

විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ඇත්තේ ඉදිරි දින තුනක කාලයකට වන අතර IOC සමාගමෙන් හෝ ඉන්ධන ලබා ගැනීමට උත්සහ දරන බව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

හෙට දිනයේ දී ඒ සඳහා IOC සමාගම සමඟ සාකච්ජා ආරම්භ කරන ලෙස විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට තමන් උපදෙස් දී ඇති අතර අවශ්‍ය නම් තමන්ද ඊට සහභාගී වන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව 22 වෙනිදා දක්වා කප්පාදුවකින් තොරව විදුලිය සැපයීම සඳහා තෙල් සොයා ගත යුතුව ඇති බව ඔහු කියාසිටියි.

එමෙන්ම කප්පාදුවකින් තොරව විදුලි බල සැපයුම ලබා දීමට උපරිම උත්සහ කරන බවද හෙතෙම ප්‍රකාශ කරයි.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here