*
Friday, April 26, 2024
spot_img

Latest Posts

මුල්ලේරියාව රසායනාගාරයෙන් සහ PCR කට්ටලවලින් මිලියන ගණනින් සල්ලි පිල්ලි ගහපු හැටි හෙළිවෙයි! (VIDEO)

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩිම මුදලක් වැය කරමින් එනම් රුපියල් මිලියන 250ක පමණ වියදමින් ඉදිකළ මුල්ලේරියාව PCR රසායනාගාරය,රුපියල් මිලියන පනහකවත් උපකරණ නොමැති,අපේක්ෂිත අරමුණු ඉටු නොවන සුදු අලියෙකු බවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අද (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

මෙම රසායනාගාරයේ මුලික කටයුතු සියල්ල සිදු වී ඇත්තේ ඒ සදහා ණය මුදල් ලබා දුන් ආසියානු සංවර්ධන බැංකුවට අදාළ සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘයේ (HSEP) අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය පරිදි වන අතර, එහි මිලදී ගැනීම් සහ ප්‍රතිපත්ති තීරණ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර භාර නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාව පවා සහභාගී කර නොගනිමින් සියළු ගනුදෙණු සිදු කර ඇති බවයි කුමුදේශ් මහතා සඳහන් කළේ.

මෙම රසායගාරයේ උපකරණ චීනයේ BGI සමාගම මගින් ලබාගෙන ඇති අතර, මුල් මාස කිහිපය තුළ උපකරණ සපයන සමාගමේ දේශීය නියෝජිතයෙකු නොමැතිව අදාළ ගනුදෙණු හිත මිතුරන් ලවා සිදු කර ඇති බවද ඔහු මෙහිදී කියාසිටියේය.

”2020 මැයි මාසයේදී මෙම රසායනාගාරයේ භාවිතය සදහා ලබා ගත් PCR ප්‍රතික්‍රීයක කට්ටලයක් සදහා ඩොලර් 15ක පමණ විශාල මුදලක් ගෙවා ඇති බවට බිල්පත් ඉදිරිපත් කර තිබෙනවා. දේශීය නියෝජිත ආයතනයක් නොමැතිව එවැනි මිලදී ගැනීම් සිදුකිරීමේදී විශාල අක්‍රමිකතා සිදු වන බව අප විසින් පෙන්වාදීමෙන් පසු, BGI සමාගම සදහා හිටි හැටියේ දේශීය නියොජිතයෙකු ඉදිරිපත් වූ අතර, ඒ අනූව නැවත ඔක්තෝබර් මාසයේ මිලදී ගැනීමේදී සමාගම විසින් එක් ප්‍රතික්‍රිය කට්ටලයක් සපයනු ලබන්නේ ඩොලර් 7.5 කට බව තහවුරු වී තිබෙනවා.

ඒ අනූව ව්‍යාපෘති අධ්‍යක්ෂකලාගේ වුවමනාව මත පදනම්ව, නියමිත පටිපාටි වලින් බැහැරව සිදු.කරනු ලැබූ ප්‍රතික්‍රීයක කට්ටල 30,000ක් වෙණුවෙන් රුපියල් ලක්ෂ 900/-ක් ගෙවා ඇති නමුත්, ඔක්තෝබර් මාසයේ මිල දී ගත් එම ප්‍රමාණයේම කට්ටල තොගයක් සදහා වැය වී ඇත්තේ ලක්ෂ 450/- ක් පමණි. ඒ අනූව මාස දෙක තුනක් තුල එකම ගණුදෙණුවක් සදහා වැඩිපුර ඩොලර් ලක්ෂ දෙකකට වඩා මුලදක් ගෙවා ඇත්තේ කිසියම් කොමිස් ගසා කෑමක් නිසා බව සැක කළ හැකි සාධක ගණනාවක් පවතිනවා. විශේෂයෙන්ම ප්‍රතික්‍රීයක කට්ටල හිගතාවය හේතුවෙන් මිල දිනෙන් දින ඉහල යමින් පැවති ව්‍යාපාරික වටපිටාවක් තිබියදී මෙලෙස මිල භාගයට භාගයක් අඩුවීම කිසිසේත්ම සාමාන්‍ය තත්වයක් නොවන නමුත්, මුල්ලේරියාව රසායානාගාරයේ ප්‍රතිපාදන භාවිතය පිළිබදව විධිමත් විමර්ෂණයක් සිදු කරන ලෙස අප විසින් සිදු කරන ලද ඉල්ලීමට මාස 18ක් පමණ ගතවී ඇතත් තවම ප්‍රතිචාර ලැබී නැහැ.

මීට අමතරව එම රසායනාගාරය ඉදි කිරීම සදහා එතරම් මුදලක් වැය වූයේ කෙසේද යන්න පිළිබදවත්, රසායනාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා එම ක්‍රියාවලියෙන් ඉවත් කලේ කුමක් නිසාද, තාක්ෂණික ඇගයිම් කමිටු සදහා අනිවාර්‍යෙන්ම සහභාගී කරවා ගත යුතු අවසන් පරිශීලිකත්වය දරන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සහභාගීකර නොමැත්තේ කුමක් නිසාද, මුල් මාස කිහිපය තුළ දේශීය නියෝජිත ආයතනයක් නොමැතිව උපකරණ සහ ප්‍රතික්‍රීයක ගෙන්වූයේ කෙසේද වැනි කරුණු වහා විමර්ශනය විය යුතු නමුත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහලම පුටුවල සහභාගීත්වයෙන් මෙම ගණුදෙණුව යට ගසන බවක් පෙනෙන්නට තිබෙනවා.”

තවද මෙම රසායනාගායේ කටයුතු සදහා චීන රජය විසින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරීන් සදහා ලබා දීමට යෝජනා කර තිබූ විදේශ පුහුණු වීම් ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා විසින් වළක්වා ඇති අතර, ඒ හේතුව නිසාම අදටත් රසායනාගාරයේ අපේක්ෂිත අරමුණු ඉටුකර ගත නොහැකිව,ගෙන්වාගත් ප්‍රතික්‍රීයක පවා කල් ඉකුත් වෙමින් ඉවත් කිරීමට සිදුවන තත්වයකට පත්ව ඇති බව කුමුදේශ් මහතා ප්‍රකාශ කරන ලදී.

ණය මුදල් ලබා ගනිමින් මෙම රසායනාගාරය සදහා මිලියන 250ක් වැය කිරීමේ මූලික අරමුණ වූයේ “පුද්ගලාපිත වෛද්‍ය ප්‍රතිකාර (Personalized Medicine) සදහා අවශ්‍ය රසායනාගාරක් ඉදිකිරීම වන නමුත්, ඒ සදහා පරිත්‍යාගලෙස ලැබී ඇති ජාන අනුක්‍රමික විශ්ලේෂණ යන්ත්‍රය පවා ප්‍රතික්ෂේප කරමින්, හොර පාරෙන් සිදු කරනු ලබන මිලදී ගැනීම් සදහාම පාර කපා ගැනීම, සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකවරයාගේ සමාන්‍ය භාවිතාව වී තිබීම පිළිබදව සෞඛ්‍ය බලධාරීන් වහා තීරණයක් ගත යුතුව ඇති බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan