*
Friday, April 26, 2024
spot_img

Latest Posts

කොවිඩ් නැති යහපාලන කාලෙත් හාල් රටින් ගෙනාවා, අපි ගේන්නෙ සොච්චමක් විතරයි – බන්දුල

සහල් පිටරටින් ආනයනය කිරීමට ආණ්ඩුව තීරණය කළේ රටතුළ සහල් නිෂ්පාදනයේ අඩුවක් නිසා නොවන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් කිහිප දෙනෙකු විසින් ගොවීන්ගේ සහල් තොග මිලදීගෙන ඔවුන්ට අවශ්‍ය පරිදි සහල් මිල තීරණය කරන බැවින්, එම සහල් මාෆියාව පරාජය කිරීම සඳහා පිටරටින් සහල් ආනයනය කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

සිංහල අලුත් අවුරුදු සමය වනවිට සහල් මිල රුපියල් 300 ක් දක්වා ඉහළ දැමීමට සහල් මාෆියාකරුවන් සැළසුම් කර ඇති බවත් එවැනි තත්වයක් ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොතබන බවත් බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කිසිදු අර්බුදයක් නොමැති යහපාලන රජය සමයේදීද ඇතිතරම් සහල් ආනයනය කර ඇති බවයි. 2014 වසරේදී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 06 ක්, 2015 දී මෙට්‍රික් ටොන් 286,000 ක්, 2016 දී මෙට්‍රික් ටොන් 26,000 ක්, 2017 දී මෙට්‍රික් ටොන් 745,000 ක් 2018 දී 249,000 ක් ලෙස සහල් ආනයනය කර ඇති බව පෙන්වා දෙන බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ වත්මන් රජය යටතේ 2020 වසරේදී ආනයනය කර තිබෙන්නේ සහල් මෙට්‍රික් ටොන් 16,000 ක් පමණක් බවයි.

කිසිදු අර්බුදයක් නොමැතිව එදා ටොන් ලක්ෂ ගණනින් සහල් ආනයනය කළ පුද්ගලයන් අද පාරිභෝගිකයාට සහන සැළසීමේ අරමුණින්, සහල් මාෆියාවෙන් බේරා ගැනීමේ අරමුණින් ආණ්ඩවු ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව දුර්මත පතුරුවමින් සිටින බවද වෙළඳ ඇමතිවරයා සඳහන් කරනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan