*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ඉන්දියාව තෛපොංගල් උත්සවයේදී නිවාස 1000ක් ප්‍රතිලාභීන් වෙත භාර දේ

වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉදිකළ නිවාස 1000ක් ප්‍රතිලාභීන් වෙත භාරදීමේ උත්සවයක් 2022 ජනවාරි 15 වන දින කොටගල දී පැවැත්විණ. මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, තරුණ සහ ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ සහ අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ සහ වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ගරු ජීවන් තොණ්ඩමාන් යන මහත්වරුන් විසින් එම නිවාසවල යතුරු ප්‍රතිලාභින් වෙත භාර දෙන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු එස්. බී. දිසානායක සහ ගරු එම්. රාමේශ්වරන් ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසක් මෙම උත්සවයට සහභාගී වූහ.

2.   මෙම අවස්ථාව අමතමින් මහ කොමසාරිස්තුමා දමිළ භාෂාවෙන් තෛ පොංගල් සුබ පැතුම් එක් කළේය. ඉන්දියාව නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාව සමඟ සිටිමින් ඉදිරියටත් ඉන්දීය සම්භවයක් සහිත දමිළ ප්‍රජාවගේ සංවර්ධනය උදෙසා කටයතු කරනු ඇති බව එතුමා අවධාරණය ‍කළේය. මෙම දමිළ ප්‍රජාව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඓන්ද්‍රීය බැඳීමක් නිර්මාණය කරන බව සඳහන් කළ මහ කොමසාරිස්තුමා පොංගල් උත්සවය දෙරට අතර පවතින ශිෂ්ටාචාරමය බැඳීම් නිරූපණය කරන බව ද ප්‍රකාශ ක‍ළේය.

3.   මෙම උත්සවයේ දී භාරදුන් නිවාස ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර යටතේ ඉදි කරන ලදී. මෙම අදියර යටතේ ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් වෙනුවෙන් නිවාස 4000ක් ඉදි කරන ලද අතර මෙම නිවාස වතුකරය නියෝජනය කරන දිස්ත්‍රික්ක හතක ඉදි කර ඇත. ‍මේ අතරින් නිවාස 3000ක් දැනටමත් ප්‍රතිලාභීන් වෙත භාර දී අවසන් අතර තවත් නිවාස 750කට ආසන්න සංඛ්‍යාවක් භාර දීමට නියමිතය. ඉතුරු නිවාසවල ඉදිකිරීම් කටයුතු විවිධ අදියරයන්හි පවතී.

4.   ඉන්දීය නිවාස ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රධානතම සංවර්ධන සහයෝගීතා වැඩසටහනක් වන අතර එය විවිධ අදියර යටතේ ක්‍රියාත්මක වේ. පළමු අදියර දෙක යටතේ උතුරු නැගෙනහිර පළාත්වල නිවාස 46,000ක් ඉදි කරන සහ පිළිසකර කරන ලදී. ඊළඟ අදියර යටතේ වතුකර ප්‍රදේශවල තවත් නිවාස 10,000ක් ඉදි කරනු ඇත. මේ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ නිවාස 60,000ක් ඉදි කිරීමට කටයුතු යොදා ඇත.

5.   නිවාස භාරදීමේ අවස්ථාවට පෙර සම්භාවනීය අමුත්තන් සාම්ප්‍රදායික “මාතු පොංගල්” උත්සවය සඳහා සහභාගී වූ අතර ඒ සඳහා දහස් ගණනක් ජනතාව සහභාගී වූහ. මෙම උත්සවය විශේෂ සංස්කෘතිගාංග වලින් ද සමන්විත විය.

6.   ශ්‍රී ලංකාවේ පොංගල් උත්සවය සැමරීම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර පවතින දැඩි සංස්කෘතික බැඳීම් සහ පොදු උරුමයට සාක්ෂියකි. සංවර්ධන සහයෝගීතාවය දෙරට අතර පවතින ද්විපාර්ශවික සහයෝගීතාවයේ ප්‍රධානතම අංශයක් වේ. සමස්තයක් වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක් පමණ වන ශ්‍රී ලංකා‍ව තුළ ඉන්දීය සංවර්ධන සහයෝගීතාවය යටිතල පහසුකම් සංවර්ධනයේ සිට අධ්‍යාපනය, සෞඛ්‍යය, ජීවනෝපාය වැනි සියලු අංශ කරා පැතිරී ඇත. වතු කම්කරු ජනතාව මෙවන් සංවර්ධන සහයෝගීතාවයන්ගේ කේන්ද්‍රස්ථානයක් හිමිකරගෙන තිබෙන අතර ඉන්දීය රජය විසින් ඔවුන් වෙනුවෙන් ඇඳවල් 150කින් සමන්විත දික්ඔය රෝහල සහ පුස්සැල්ලාව සරස්වතී මධ්‍ය විද්‍යාලයේ බහු කාර්ය ශාලාව යනාදිය ඇතුළු විවිධ ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාවට නංවා තිබේ. මෙම ව්‍යාපෘතීන් “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය යටතේ ඉන්දියාව කලාපය වෙත දක්වන අවධානය පිළිඹිබු කරයි.

***

කොළඹ 2022 ජනවාරි 16

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan