දැන් රැවටුනා ඇති සත්‍යවාදී ගමනකට එක්වෙන්න – විපක්ෂ නායක

Date:

මිත්‍යාවට, අවිද්‍යාවට, රැවටීමට, ඇන්දවීමට නැවත හසු නොවන ලෙසද ඒ සියල්ලට තිත තබා සත්‍යවාදී ගමනක් උදෙසා පෙළගැසෙන ලෙසද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අද (17) බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති සමගි විහිදුම් බලගණයේ බදුල්ල දිස්ත්‍රික් බලමණ්ඩලයේ සමාරම්භක රැස්වීමට සහභාගිවෙමින් විපක්ෂ නායකයා මේ බව සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි සහ හේශා විතානගේ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සමගි විහිදුම් බලගණය ස්ථාපිත කොට ඇති අතර එය මුළු රටම ආවරණය වන පරිදි ගොඩනැගී ඇති සමගි ජන බලවේගයට අනුබද්ධ ක්‍රියාකාරී ඒකකයකි.

පසුගිය කොරෝනා ආරම්භ වූ වකවානුවේ රාජ්‍ය බලය නැතිව පවා ජනතාව වෙනුවෙන් සිය වගකීම ඉටුකිරීමට සමගි ජන බලවේගය කටයුතු කළ බව පැවසූ විපක්ෂ නායකයා “සමගි ජන බලවේගයේ හුස්මක්, සත්කාරය, සක්වල වැනි වැඩසටහන් හරහා මේ රටට අගයක් එකතු කිරීමේ කාර්යභාරය තමන්ට හැකි පමණින් ඉටු කරන බවද සඳහන් කළේය.

මෙතෙක් බලයට පත් වූ හෝ බලය ගන්නට සිහින දකිමින් සිටින කිසිවෙක් එවැනි කාර්යභාරයක් ඉටුකොට ඇතිදැයි හෘද සාක්ෂියෙන් විමසා බලන ලෙස පැවසූ විපක්ෂ නායකයා, තමන් රට භාරගන්නෙ වැඩ කරන්නට බවත්, රට බාර ගන්නට පෙර හැකි පමණින් වැඩකොට ඒ ආදර්ශය ලබා දෙන බවත් ප්‍රකාශ කළේය.

තමන් කිසිදාක මිනීමරුවන් මංකොල්ලකාරයන් කුඩුකාරයන් සහ හොරුන් රකින්නට ඉදිරිපත් නොවන බවත් සමගි ජන බලවේගය තුළ එවැනි දූෂකයින් කිසිවකුට ඉඩක් නැති ප්‍රේමදාස මහතා පවසයි. වන්දිභට්ටයින්ගෙන් ලබාගන්නා උපදෙස් හේතුකොටගෙන අද මුළුමහත් රටම බරපතළ ව්‍යසනයකට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකයා, මේ රටේ ගොවි ජනතාව මුහුණ දී සිටින්නේ ඒ අවාසනාවන්ත ඉරණමට යැයිද පැවසීය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...