හෙලිකොප්ටර් මණ්ඩලේ කචල්. වැස්සේ තෙමි තෙමී ගෙවිඳු – ජයන්ත මහපාරේ බැනගනී (VIDEO)

Date:

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් නිදහස් ජනතා සන්ධානයේ නායකයින් අතර ඊයේ (16) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවන ආකාරය දැකගත හැකිවිය.

ඔවුන් මෙසේ උණුසුම් සංවාදයක නියැළුණේ සාකච්ඡාව අවසන් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී ය.

දැඩි කෝපයෙන් යුතුව එම ස්ථානයෙන් පිටව ගිය ඔවුන් දෙදෙනා සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරන ආකාරයත් දැකගැනීමට හැකිවිය.

හදිසි කේන්තිකාරයකු වන ගෙවිඳු කුමාරතුංග මහතා මීට දින කිහිපයකට පෙර කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු පිළිබඳ රැස්වීමකදී ශ්‍රීලනිප කළුතර නායක රෙජිනෝල්ඩ් කුරේ මහතාට ද මේ ආකාරයෙන් බැනවැදී තිබුණු අතර එහිදී ඇතිවූ හෘදයාබාධයකින් පසුව රෝහල්ගත කරන ලද රෙජිනෝල්ඩ් කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!