මො.ල. කෘති සූම් සංවාදය අද සවස!

මාර්තු 29, LNW (කොළඹ): මො.ල. සෙනෙවිරත්න විසින් ලියන ලද “හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න” කාව්‍ය කෘතිය සහ “සිපීර්” ස්ක්‍රැපිසිවාදි සටහන් කෘතිය පිළිබඳ zoom සංවාදයක් 2026 මාර්තු මස 29 වැනිදා, ඉරිදා රාත්‍රී 7ට පැවැත්වේ!

මෙම Zoom සංවාදය Lit Room සාමූහිකය විසින් සංවිධානය කරනු ලබන සාහිත්‍ය සංවාද මාලාවේ එකළොස්වැන්න ලෙස පැවැත්වේ. පැතුම් පුංචිහේවා විසින් මෙහෙයවනු ලබන මෙම සංවාදය සඳහා අජිත් ක්‍රිෂාන්ත සේරම් සහ රුවනි සිසිජා සම්පත් දායකයන් ලෙස සහභාගි වීමට නියමිත ය.

සමාජ දේශපාලන ක්‍රියාකාරීකයකු වන මො.ල. සෙනෙවිරත්න, සිය අද්දැකීම් පාදක කර ගෙන මෙම කෘති රචනා කර ඇති අතර, එහි දී සිරගත ජීවිතයේ අද්දැකීම් ප්‍රමුඛ වී ඇත.

“හික්මවීම පිණිස මේ දඩුවම ඉවසන්න” කාව්‍ය කෘතිය මුල්වරට ප්‍රකාශයට පත්වූයේ 2018 දී ය. එහි දෙවන මුද්‍රණය 2025 දී පළ කළ අතර, කාව්‍ය නිර්මාණ 60ක් එහි අන්තර්ගත ය.
“සිපීර්- ස්ක්‍රැපිසිවාදි සටහන්” කෘතිය 2025 දී පළ කළ අතර; පොලීසිය, අධිකරණය සහ බන්ධනාගාර ව්‍යුහයේ ඇති පීඩකත්වය ගැන සාකච්ඡා කෙරෙයි.

සමාජයේ අද්දරට තල්ලු කර දමා ඇති ජනකොටස් තම විමුක්තිය වෙනුවෙන් ගෙන යන සටනට පක්ෂපාතී වන මෙම ලියමන් මඟින් අප, අප තුළත් අප, අනෙකා මතත් ක්‍රියාකරන ආකාරය දෙස බැලීමට කවුළුවක් විවෘත කරයි.

“තම විමුක්තිය සොයා යන මිනිසුන් පසුපසින් පමණක් නොව ඉදිරිපසින් ද කරදර කඩා පාත් වන්නේ, ඔවුන්ව පරීක්ෂා කිරීමට මෙනි; තම ගමන ගැන විශ්වාසවන්තයා එවැනි බාධක ගණන් නොගෙන ඒවාට කෙළින් මුහුණ දෙමින් ඉදිරියට ම යයි. එවිට බාධක ලෙස පෙනී සිටින”රකුසන්” ඔහු නහය අබියස දී ම මාවතින් ඉවත් ව පලා යයි. නිර්භය මිනිසා හමුවේ “නපුර” දණ නමයි. ලෝකය එවන් නිර්භීත මිනිසාට උදව් කරයි: ආරක්ෂා කරයි; තම අරමුණු ජය ගැනීමට මග පෙන්වයි…”

ඕපියුම ප්‍රකාශනයක්!

Grantha.lk බෙදා හැරීමක්!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැටුමක් සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: යාපනය විශ්වවිද්‍යාලයේ ඇති වූ...

වගා සමාගම් මුවාවෙන් කෝටි 400ක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල වගා ව්‍යාපෘති සඳහා ආයෝජන ලබාගන්නා මුවාවෙන්...

2050 ශුන්‍ය කාබන් ඉලක්කයට වැට බදින ස්මාර්ට්ෆෝන් කුණු කූඩයේ අරුමය..!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: වර්තමානය වන විට අපගේ...