විශ්‍රාම වැටුප් ගෙවීමේ ප්‍රමාදයක් – ඇමති බන්දුල කියයි!

Date:

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීමේ ප්‍රමාදයක් සිදුව තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ කියා සිටියේ, එලෙස පමා වුණත් අදාළ ගෙවීම් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදුන් බවය.

වැඩිදුරටත් ඒ පිළිබඳ පැවසූ අමාත්‍යවරයා ..

“ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම දවසක් දෙකක් පමා වුණත් නියමිත දිනට ගෙවීමට කටයුතු කරනවා එකතුවෙන මුදල් අනුව. මාණ්ඩලික නොවන රාජ්‍ය සේවකයින් ට පළමුව වැටුප් ගෙවනවා. කෙටි කාල පමාවක් සිද්ධ වෙන්න පුළුවන් මේ දුෂ්කර අවස්ථාවලදී පමණක්. මාණ්ඩලික ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන්ට වැටුප් ගෙවීම දවස් දෙක තුනක් හෝ සතියක් හෝ එකතුවෙනකල් මේ මුදල. මුදල් එකතු වුණේ නැතත් වැටුප් ගෙවීම සඳහා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා ඒ සඳහා වෙළෙඳපොළෙන් සොයාගන්න බැරි වුණොත් අච්චු ගහලා හරි මේ ටික සකස් කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට යම් කාලපරාසයක් අවශ්‍ය නිසා හරියටම රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට තමා මෙවැනි තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ.‍ මොකද මීට ඉස්සෙලත් මේ තත්ත්වය තිබුණා. ණය ගත්තා සල්ලි අච්චු ගැහුවා ගෙව්වා. දැන් ඒ දේ කරන්න බෑ. ඒ නිසයි මේ අමිහිරි යථාර්ථයට මුහුණදෙන්න සිදුවෙලා තියෙන්නේ. කිසිවෙකුත් කිසිම සැකයක් අවිශ්වාසයක් ඇති කරගත යුතු නෑ. කෙසේ හෝ අනිවාර්යයෙන් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, පොහොර, බෙහෙත්, සමෘද්ධි දීමනා යනාදියට මුදල් ලබාදෙනවා.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...