මහා භාණ්ඩාගාරය හිස් – විධායක නිලධාරීන්ගේ වැටුප ගෙවීමත් ප්‍රමාදයි!

Date:

ඉතිහාසයේ ප්‍රථම වරට රජයේ සේවකයින්ගේ මාසික වැටුප නියමිත දිනයට ගෙවීමට නොහැකි වී තිබෙන බවත් මාණ්ඩලික නොවන රජයේ සේවක වැටුප් නියමිත පරිදි ගෙවීමට සැලසුම් කර තිබුනද මාණ්ඩලික නිලධාරීන් ගේ වැටුප් ගෙවීම ප්‍රමාද වන බව ජනමාධ්‍ය හා ප්‍රවාහන මහාමාර්ග සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන
මහතා අද (17) ප්‍රකාශ කළේය.

ඒ,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ඇමති මණ්ඩල තීරණ දැනුම්දීමට සහභාගී වෙමිනි.

රටේ අනිවාර්ය වියදම හෝ දැරීමට ලංකා ආණ්ඩුවට නොහැකි වී ඇති බව සඳහන් කළ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා මූල්‍ය කටයුතු අවසන් වූ දෙසැම්බර් මාසයේ මහාභාණ්ඩාගාරයට ආදායම් ලෙස ලැබී ඇති මුදල රුපියල් බිලියන 147 ක් වන බවද සඳහන් කළේය.

ඉන් රුපියල් බිලියන 88ක් රජයේ සේවක වැටුප් ගෙවීමටත් විශ්‍රාමික වැටුප් සහ සමෘද්ධිය ගෙවීමට බිලියන 30ක් ද පොහොර ලබාගැනීමට බිලියන 6.5 ක් ද සෞඛ්‍ය අමාත්‍යාංශයට අත්‍යාවශ්‍ය ඖෂධ සඳහා රුපියල් බිලියන 8.7ක් වශයෙන් සෙසු වියදම් ද ඇතුළත් කළ විට රුපියල් බිලියන 154ක් වැයවී ඇත.

මහා භාණ්ඩාගාරයේ ආදායම රුපියල් බිලියන 141ක්ව තිබිය දී වියදම රුපියල් බිලියන 154 ක් වේ නම් එම තත්ත්වය
කළමනාකරණය කරන්නේ කෙසේ ද යන ගැටළුව මතුවන බව පෙන්වා දුන් අමැතිවරයා මෙම මුදල ගණනය කර ඇත්තේ
විදෙස් ණය හෝ පොලිය ගෙවීමට වැයකළ මුදල් ඇතුළත් කිරීමෙන් තොරව බවද සඳහන් කළේය. ඒ සඳහා දෙසැම්බර්
මාසයේ වැය කර ඇති මුදල බිලියන 182ක් බව හෙතෙම සඳහන් කළේය.

රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමැතිවරයා
කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටියදී ඊට මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරය සතුව මුදල් නොමැති බැවින් ඊට
විකල්පයක් ලෙස අයවැයෙන් අමාත්‍යාංශ සඳහා වෙන්කළ ප්‍රතිපාදනවලින් 1% ක් කපාහැර එම මුදල ලබාදෙන ලෙස
කැබිනට් මණ්ඩලය යෝජනා කළ බවද ඇමැතිවරයා අනාවරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...