අද (17) පෙරවරු 7.00 සිට හෙට උදෑසන 7.00 දක්වා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය කටයුතු කර තිබේ.
ඊයේ (16) දිනයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේ දී යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම සංගමයේ ජාතික සංවිධායක සුදත් ජයසිරි මහතා සඳහන් කළේ.
වෛද්‍යවරුන් සඳහා පමණක් වැඩි කළ දීමනාව තමන්ටත් ගෙවන ලෙස ඉල්ලමින් මෙම වැඩවර්ජනය පැවැත්වේ.
RN