ඇන්ජලෝම ගොඩ දමා ඇන්ජලෝම වළ දැමීම

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 17 කොළඹ (LNW): අතිශයින් සරල ලෙස කිවහොත් සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන එක් දින තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 4 න් පරාදය.එහෙත් එය සිම්බාබ්වේට පරාජය වීමට වඩා කතාබහට ලක් කිරීම අවශ්‍යය වන්නේය.නිත්‍ය පන්දු යවන්නන් හතරක් සමඟ පමණක් තරඟ කිරීම පරාජයට හේතු ලෙස දැකිය හැකිය.එසෙත් නැත්නම් අවසාන පන්දු ඕවරයට නිත්‍ය පන්දු යවන්නෙක් නොමැතිවීමෙන් සිම්බාබ්වේට ජයග්‍රහණය පහසු විය.

මෙහිදී පරාජයේ බර වැටෙන්නේ මූලික වශයෙන් ඇන්ජලෝ මැතිවිස්ටය.ඔහු අවසාන පන්දු ඕවරය කළමණාකරණය කරමින් ලබා දුන් ජයග්‍රහණ කොතෙකුත්ය.එහෙත් ඒ දේවල් හැමදාටම වලංගු නැත.ඇන්ජලෝ නොමැති වූවේනම් ශ්‍රී ලංකා ඉණිම ලකුණු 173 දක්වා නොයන්නට තිබිණ.ලකුණු 27 ට කඩුලු 4 ක් දැවුණු මොහොතක ඇන්ජලෝ ක්‍රීඩා කළ ඉණිම අතිශයින් කළමණාකරනය කළ පළපුරුද්ද සහිත වෘත්තීය හට්ටමේ එකකි.එහෙත් එය ශරීරයට වඩා ඔළුව වැඩ කළ එකකි.ඉතා අපහසුවෙන් ශරීරය ඒ සඳහා මෙහෙය වූ එකකි.

ඇන්ජලෝ පළමු තරගයේදී හිටපු තේරීම් කමිටුවට තැබූ දෝශාරෝපනය නොදැන භාවිතා කළ භූමරංගයක ස්වරූපයෙන්ම තමන් දෙසට හරවා ගත් තරගයක් බවට දෙවන තරගය පත් විය.ඒ නිසා එක මොහොතක් පදනම් කරගෙන කතා කරද්දී තවත් ඉදිරියට උදාවන එවැනි මොහොතවල් දහස් ගණනකදී ප්‍රතිවාදියාට ඉඩ නොලැබෙන අයුරෙන් වචන භාවිතය වැදගත් බව ඇන්ජලෝ කල්පනාවට ගත යුතුව තිබිණි.පළමු තරගයේ ඇන්ජලෝ කී කතාවලට සාක්ෂි ලෙස දෙවන තරගයේ අවසාන පන්දු ඕවරය යැවීම ඇන්ජලෝ භාරගත් බවක් පෙනෙන්නට විය.ලකුණු 20 ක් එම ඕවරයේ ජයග්‍රහණය සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට අවශ්‍යය විය.පළමු පන්දුවම නිපන්දුවක් වූ අතර එයට ලකුණු හය ද,නිපන්දුව වෙනුවෙන් ලැබුණු අත්රේක පන්දුවට හතරේ පහරක් ද එල්ල කිරීමෙන් ලුක් ජොන්ග්වේ ලකුණු 20 ක ඉලක්කය පන්දු 5 දී ලකුණු 9 ක් බවට පත් කර ගත්තේය.

ඇන්ජලෝ යවන ලද නිල දෙවන පන්දුව ද ජොන්ග්වේ රැඳවුවේ හයේ සීමාවේය.එවිට පන්දු 4 ට අවශ්‍ය වූයේ ලකුණු 3 කි.තෙවන පන්දුව පමණක් නිලකුණු පන්දුවක් විය.සිවිවන පන්දුවට අතිශයින් පහසු උඩ පන්දුවකි.එය මහේෂ් තීක්ෂණ අතින් බිම වැටිණි.එයට එකතු වූ ලකුණකි.දැවී ගියේනම් ඉලක්කය පන්දු දෙකකට ලකුණු 3 ක් වි සිම්බාබ්වේ වෙත පීඩනයද එකතු වන්නට තිබිණි.එහෙත් උඩ පන්දුවද ගිලීහී යාම නිසා තිබූ පීඩනය ද තව දුරටත් සැහැල්ලු විණි.ක්ලයිව් මඩන්ඩේ පස්වන පන්දුව රැඳවුයේ හයේ සීමාවේය.වැදගත් උඩ පන්දුවෙන් ජොන්ග්වේ දැවී ගියේනම් පිතිකරුවන් ලෙස හැඳින්විය හැකි ජොන්ග් වේ හෝ මඩන්ඩේ පස්වන සහ හයවන පන්දුවලට පහරදීමට නොහැකිවීමේ වටිනාකම ශ්‍රී ලංකාව පැත්තට හැරෙන්නට තිබීමය.මහේෂ් තීක්ෂණ අතින් උඩ පන්දුව ගිලීහී යාම මෙන්ම අවසාන පන්දු ඕවරයේ එකම අයුරෙන් ජොන්ග්වේ ට ලබා දුන් හයේ පහර දෙක,ඇන්ජලෝ මැතිව්ස් පෙර පුරුදු තත්ත්වයේ නැති බවට සාක්ෂියක් විය.ඔහු පෙර තේරීම් කමිටුව කළ දේ වැරදි වුව,මේ තේරීම් කමිටුවට දුන් වැදගත්කම සුරැකෙන පරිදි තෙවන තරගයේදී ද ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමට උදව් වී සිය විස්සයි විස්ස ජිවිතය ගැන තීරණයකට එළැඹීමට ඔහුට බුද්ධියක් තිබීම වැදගත්ය.

තරගයේ වැදගත්ම කොටස ලෙස තේරුම් ගත යුත්තේ ක්‍රීඩකයන්ගේ ශරීර යෝග්‍යතාවය ය.පැහැදිළිවම සිම්බාබ්වේ ක්‍රීඩකයන් පන්දු රැකීමේදී පන්දුවට ළඟා වීමේ වේගය සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුවට ළඟා වීමේ වේගය අතර පරතරයක් තිබිණි.එසේම කඩුලු අතර දිවීමේ වේගය සහ හැකියාවෙන් ද සිම්බාබ්වේ ක්‍රීඩකයින් බොහෝ ඉදිරියෙන් විය.එයට හොඳම උදාහරණය ලෙස අති විශිෂ්ඨ ඉණිමක් ගොඩ නැඟූ සිම්බාබ්වේ කණ්ඩායමේ ක්‍රේග් එවයින් (70) සහ බ්‍රයන් බෙනට් (25) අතර දෙවන කඩුල්ලට ගොඩ නැඟුනු සබඳතාවය ය.ලකුණු 74 ක් වූ එම සබඳතාවයේ වැඩිපුරම තිබුණේ විශිෂ්ඨ කඩුලු අතර ධාවනයක වැදගත්කමය.

ශ්‍රී ලංකා පිතිකරුවන් විස්සයි විස්ස තරගයක පිතිකරණය ලෙස වැඩිපුරම අවධානය දෙන්නේ හයේ සහ හතරේ පහරවලටය.එය වැරදි නැති වුව ද,වැරද්දක් වන්නේ නිලකුණු පන්දු අඩු කර ගැනීමට අවධානය යොමු නොකරන නිසාය.ඇන්ජලෝ පන්දු 41 ට මුහුණ දී තිබයදී ද රැස් කර තිබුණේ ලකුණු 40 කි.ඉතිරි පන්දු 10 දී ඔහු ලකුණු 26 ක් ලබා නොගත්තේනම් තව දුරටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්ත්වය නරක අතට හැරෙන්නට තිබිණ.එසේම පන්දු රැකීමේ හැකියාව ගැන සිය කණ්ඩායමට තිබිය යුතු හැකියාව ගැන නායකත්වයේ වගකීම භාර ගන්නා මොහොතේම පැවසූ වනිඳු හසරංග ද ඇතුළුව ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වගකීම ගැන අවධානය යොමු කරන බවක් මේ තරගය පුරාවට පෙන්වූයේ නැත.

කෙසේ නමුත් චරිත් අසලංක හොඳ ඉණිමක් ක්‍රීඩා කරමින් පන්දු 39 න් ලකුණු 69 ක් ලබා ගැනීම කැපී පෙණින.පන්දු යැවීමේදී ලකුණු අවම කිරීමේ වගකීම ද ඉටු කරමින් කඩුලු ලබා ගැනීමේදී පෙරමුණ ගත්තේ ප්‍රධාන වශයෙන් මහේෂ් තීක්ෂණය.ඔහු ලකුණු 25 ට කඩුලු 2 ක් දවා ගත්තේය.ඩිල්ෂාන් මධුශංක ලකුණු 24 ට එක කඩුල්ලකි.දුශ්මන්ත චමීර ලකුණු 30 ට එක කඩුල්ලකි.

විස්සයි විස්ස රිද්මයේ මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් නොමැති බව පැහැදිළිය.තෙවන තරගය වන විට ඩෙංගු බව පවසමින් සතියකට ආසන්න කාලයකින් නැවත පිටියට පැමිණෙන පැතුම් නිශ්ශංකට සැබවින්ම ඩෙංගු රෝගය ට මුහුණ දුන්නේ ද නැතිනම් වෙනත් අසනීපවීමකට පත්විණි ද යන්න දැන ගැනීම සිතා ගන්නට නොහැකිය.වනිඳු පැවසුවේ පළමු තරගයට පෙර දිනයේ පළමුවරට පුහුණුවීම්වලට එක් වූ බවය.එහෙත් ඔහු මේ තරගාවලියේ හරි සූදානමක නැතිනම් ඔහුගේ කීර්තිය ද පළුදු නොකර එළියෙන් තැබීම මෙන්ම කුසල් ජනිත්ගේ කීර්තිය ඔහු රැක නොගන්නේනම් කණ්ඩායම තේරීමේදී හෝ එය රැකදීම වැදගත්ය.

තෙවන තරගයට මේ කණ්ඩායමම ක්‍රීඩා කරන්නේ ද නැද්ද යන්න සිතිය යුතුය.විශේෂයෙන් නිත්‍ය පන්දු යවන්නෙක් හැටියට සහ තුන් ඉරියව් හැකියාව ද සළකා පැතුම් නිශ්ශංකගේ වෙනුවට වෙල්ලලාගේ කැඳවීම ගැන අවධානය යොමු කිරීමෙන් වටිනාකමක් එකතු විය හැකිය.එමේ කර කුසල් ජනිත්ට ආරම්භක පිතිකරුගේ සුපුරුදු වගකීම පවරා ඔහුට ඉදිරියේ ඔහුගේ වටිනාකම තහවුරු කර දීමේ වගකීම පැවරීම වැදගත්ය.

අවසාන වශයෙන් ඊයේ දවසේ මූලික වශයෙන් ගත් කළ ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික සිද්ධාන්ත ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ඉහළින් රැක ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සතු වීම ජයග්‍රහණයේ පදනම විය.එම පදනම ඔවුන්ගේ ශක්තිමත්ව තිබිණ.ඒවා සියල්ල තෙවන තරගය වන විට නිවැරදිව තිබෙනු ඇතැයි සිතන්නට අපහසුය.එහෙත් තේරීම් කමිටුව මූලික වශයෙන් කඩුලු අතර දිවීමේ ශක්‍යතාවය මෙන්ම පන්දුව වෙත පන්දු රැකීමේදී ළඟාවන වේගය වැනි කාරණා ජාත්‍යන්තර මට්ටමක නැති බවත්,ඒවා වර්ධනය කර ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බවත් දෙවන තරගයේ පරාජයෙන් ඉගෙන තේරීම් සඳහා අවධානය යොමු කිරීම වටින්නේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ද,ක්‍රීඩා අමාත්‍යවරයා ද එකඟව පත් කරන පත්වීම්වලට සාධාරණය ඉටු කරන්නේ කෙසේද යන්න කෙරෙහි විශේෂ පත්වීම් ලබන සියලු දෙනා අවධානය යොමු කිරීම වැදගත්ය.ක්‍රියාකාරි නෙට් අස්සේ රිංගාගෙන සිටිනු රට දැන ගැනීමට සහ දැක ගැනීමට වඩා පිටිය මැද සිටින ක්‍රීඩකයින්ගේ හැසිරීමෙන් ඒවා දැක ගැනීමට ඉඩ සැළසීම වැදගත්ය.ඒ සඳහා මනසට කා වඳින සාකච්ඡාවන් ද වැදගත්ය.අවුරුදු 19 න් පහළ කණ්ඩායම ආසියානු තරගාවලියේදී අවසාන පූර්ව වටයෙන් ඉවතට යෑම සහ ලෝක සූරතා තරගාවලියේ පූර්ව සූදානම් වටයේ දී ආසියානු අවුරුදු 19 න් පහළ ආසියානු සූර බංගලාදේශය පරාජය කිරීම සම්බන්ධයෙන් වටිනාකමක් ඔවුන් ලද අභිප්‍රේරණයට ලබා දීම වැදගත්ය.

හැකියාව සම්බන්ධයෙන් විශ්වාස කරන්නේ කෙසේද යන්නත් හැකියාව භාවිතයට ගත යුත්තේ සහ අභියෝග තේරුම්ගැනීම සහ ඊට මුහුණ දීම යන කරුණුවල වැදගත්කම ක්‍රිකට් ගැසීමෙන් සහ එයින් හොඳ හැකියාවන් පෙන්වීමෙන් පමණක් නූතණය ජය ගත හැකි බව සිතන,ක්‍රිකට් ගැන තමන් සම්බන්ධ කර ගනිමින් පම්පෝරි ගසන සියලු දෙනා අවබෝද කර ගත යුතුය.ක්‍රිකට් පරිපාලනයට පැනිමට හෝ පරිපාලනයෙන් යමක් ලබා ගැනීමට සිය ක්‍රිකට් ඉතිහාසයේ කීර්තිය ප්‍රදර්ශනය කරන,අතීතකාමී කතා කියන බොහෝ පිරිස් වර්ථමානයේ ක්‍රිකට් දක්ෂතා ක්‍රිකට්මය නොවන වෙනත් සැළසුම් සහ සැකසුම් සහිතව ඉදිරියට ගෙන ආ යුතු බවත්,ඒවා ක්‍රිකට් ගොඩ නැංවීමට යොදා ගැනීම සාකච්ඡා කළ යුුතු බවත් කල්පනා කළ යුතුය.

අප නිරන්තරයෙන් ප්‍රශ්න කර සිටින්නේ නූතණ ක්‍රිකට්, ක්‍රිකට්ම පමණක් නොවන බවය.එහෙත් ක්‍රිකට්වලට මැදිහත්වන බොහෝ දෙනා තමාගේ අතීතකාමි රසකතා සමඟ සමාජය මත දිගේලි කරන්නේ පරණ ක්‍රිකට්වල අභිමානය සහ එ්වා ඒ විදිහටම ගොඩ නැඟීය හැකි බව කියන ෆැන්ටසිකරණය කරන ලද වෘතාන්තය.ක්‍රිඩාව සහ ක්‍රිකට් පරිපාලනයට අප යෝජනා කරන්නේ අලුත් චින්තනයකට නඟුලෙන් හෑව හැටි ගැන කතා පොත් ඉතිහාස අධ්‍යයනයට පමණක් තබා යන්ත්‍රවලින් හාන හැටි අලුත් පරම්පරාවට ඉඟෙන ගන්නට දීමේ වැදගත් තීරණයට නිර්භවය පිවිසෙන ලෙසය.

මේ දක්වා තරගාවලිය සහ ඇන්ජලෝ සම්බන්ධයෙන් කියා සටහන නිමා කරන්නේනම් ගොඩදමා යළි වළි දැමීමට ඇන්ජලෝ කටයුතු කළේය.දෙවන තරගයේ ලකුණු සටහන පහතින් ඇත.
https://www.espncricinfo.com/series/zimbabwe-in-sri-lanka-2023-24-1412536/sri-lanka-vs-zimbabwe-2nd-t20i-1412543/full-scorecard

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...