ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මක දර්ශකය පහළට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 16 කොළඹ (LNW): යාපනය, මන්නාරම, කොළඹ හා ගාල්ල ප්‍රදේශ වල වායු ගුණාත්මක දර්ශකය තවදුරටත් පහළ අගයක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ඉන්දයාවේ සිට හමාගෙන එන සුළංවල බලපෑම මත ඊයේ (16 ) දිනයේදී මෙරට දිස්ත්‍රික්ක රැසක වාතයේ ගුණාත්මක තත්ත්වය ඉතා පහළ අගයක් වාර්තා කර තිබුණි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දත්තවලට අනුව ඊයේ පෙරවරු 8.30 ට කුරුණෑගල නගරයේ වායු තත්ත්ව දර්ශයේ දත්ත අනුව දූවිලි අංශු ප්‍රමාණය (Pm 2.5) 275 ක් වැනි ඉතා වැඩි අගයක් පෙන්නුම් කර ඇත.

මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර මහතා සඳහන් කරන්නේ, මෙම තත්ත්වය හේතුවෙන් වැඩිහිටි සහ රෝගී පුද්ගලයින්ට සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බැවින් එළමහනේදී මුව ආවරණ පැළඳීම සුදුසු බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...