කොළඹ LNW: මේ වන විට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය මුහුණදී සිටින අර්බුදයන්ට විසඳුම් ලබා දෙන ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර තිබුණු විරෝධතාවට පොලීසියට විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදී.
විශ්ව විද්‍යාලය ඉදිරිපිටින් විජේරාම දෙසට විරෝධතා පා ගමන පැමිණීමත් සමඟ අවස්ථා පහකදී පමණ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමටයි පොලීසිය කටයුතු කළේ.
පොලීසිය හා සිසුන් අතර උණුසුම් තත්ත්වයන්ද මතු විය.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න
සියලුම ඡායාරූප නරඹන්න
https://www.readphotos.com/photo-stories/635/Inter-University-Students-Federation