වත්මන් ආණ්ඩුව කියූ දේවල් සහ කරන දේවල් අතර පරස්පරතා රැසක් තිබෙනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රටේ ජනාධිපතිවරයා සියලුම රටවල් සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා පවත්වා ගත යුතු බවත් එහි දී ජනතාවට සහන සැලසෙන වැඩපිළිවෙළකට විපක්ෂයේ ද සහයෝගය ලබා දෙන නමුත් වත්මන් ආණ්ඩුව කියු දේවල් සහ කරන දේවල් අතර බරපතල පරස්පරතා ඇති බවත් විදුලි බිල, තෙල් මිල අඩු කිරීම, පොහොර සහනාධාරය ලබා දී ආදිය කරනවා කිව්වත් තවමත් ඒවා ඉටු වී නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අතිවිශාල ජනවරමක් ලබා බලයට පත් වූ මේ රජය එම ජනවරමට ගරු කර ජනතාව අපේක්ෂා කරන සහන ලබා දී ජනතාවට සේවය කළ යුතු බවත් රජය ජනතාවට ⁣සේවය නොකරන්නේ නම් ජනතාව වෙනුවෙන් විපක්ෂය පෙනී සිට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ හඩ නගන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

එසේම සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී රජය ක්‍රියාත්මක කරන ජනතා මර්දනයට එරෙහිව නැගී සිටිය යුතු බවට සාකච්ඡා වූ බවත් ඊට අමතරව එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් ද සාකච්ඡා වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සූදානම් බවත් ඒ සදහා මුහුණ දීමට විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පෙරේදා (16) පස්වරුවේ සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...