චීන සංචාරය නිම කරමින් ජනපති අනුර යළි මෙරටට (PHOTOS)

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (ජනවාරි 17) රාත්‍රියේ යළි මෙරටට පැමිණ තිබේ.

ඒ, සිව්දින චීන නිල සංචාරය සාර්ථකව නිම කරමිනි.

අනුර කුමාර දිසානායක මහතා මෙම චීන නිල සංචාරයේදී චීන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට බලධාරීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර අවබෝධතා ගිවිසුම් රැසකට ද එළඹුණේය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුන් ඇතුළු දූත පිරිසක් ජනාධිපතිවරයා සමග මේ සංචාරයට එක්ව සිටියහ.

මෙම සංචාරය අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වූ පසු සිදුකළ දෙවැනි නිල විදෙස් සංචාරයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...