ක්‍රීඩාවේ මඩ නෙළුම් පොකුණේ තැවරීම

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 18 ,(LNW)කොළඹ :

පාර වැරදුණාම රිවස් එකට දමා යළි ඉස්සරහට යාම වරදක් ලෙස ගත නොහැකිය.ඒත් එසේ වැරදි නිවැරදි කර ගැනීමට යාම මදිකමක් බව ආණ්ඩුව සිතන බව හර්ෂණ නානායක්කාරගේ සිඳුවීමෙන් පැහැදිළිය.තමන්ගේ බන්ධනාගාර කොමසරිස්වරයා අසළම තබාගෙන සම්මානය පුද දෙන අමාත්‍යවරයා අඩුම තරමෙන් තමන් පත් කළ අපහසුව ගැන ඔහුගෙන් හෝ කරුණු විමසීමක් කර නැත.එසේම මේ තත්ත්වය ගැන විමසා බලා දැනුවත් කිරීමට ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය කටයුතු කර නැත.


අප නෙළුම් කුළුණට පත්වීම් දෙන්නේ කවුදැයි කියන්න හරියටම දන්නේ නැත.එයද නිවැරදිව පරික්ෂා කරා ද කියා දන්නෙත් නැත.සමහර විට ඒ පත්වීමට එකම හේතුව ඡන්දය කාලෙ මාලිමාව වෙනුවෙන් පෙනී සිටීම ද විය හැකිය.එසේනම් මාලිමාව වීම පව් සෝදා හැරීමේ ජලාශයක් ද යන්න සිතිය යුතුව ඇත.


මෙසේ කියන්නේ හේතු ගණණාවක් ඇතුවය.පළමුවැන්න නෙළුම් පොකුණට පත් වී ඇති සභාපතිවරයා රේගු බදු පැහැර හැරීම සඳහා චෝදනා එල්ල වූවෙක්ය. ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනය යටතේ ආරක්ෂක අමාත්‍යාංශය නොමඟ හැරීම හෝ එයින් ලබා ගත් අවසරය අවභාවිතා කිරීම යන කාරණා දෙකම ඔහුට විරුද්ධව ගත හැකිය.මේ සම්බන්ධයෙන් පරීක්ෂණය සිඳු කළේ දැනටත් සක්‍රීයව බර ඉසිලීමේ ක්‍රීඩාවේ ජාතික මට්ටමේ පුහුණුකරුවෙකු ලෙස කැපී පෙණෙන ආර්.බී.වික්‍රමසිංහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකුව ක්‍රියාත්මක වෙමින්ය.


මෙහිදී ආරක්ෂක අංශයේ අනුමැතිය වැරදි ලෙස භාවිතයට ගනිමින් වැරදි ඉන්වොයිසයක් ප්‍රදර්ශනය කරමින් ගෙන්වන ලද වෙඩි තැබීමේ උපකරණ විකුණා ලාභයක් ඉපැයීම ද සිඳු වූ බවට නෙළුම් කුළුණ වත්මන් සභාපතිවරයා පිළිගෙන ඇත.කෙසේ හෝ 2018 තරම් දුර තැනෙක ආරක්ෂක අමාතශංශයේ පරීක්ෂණ එතැනින් අතරමඟ නතර වී තිබෙනවා මිස හමාර වී නැත.එහෙත් නතර වූ තැනින් සාධාරණය වෙනුවෙන් පරීක්ෂණ ආරම්භ කිරීම නැවතී,මාලිමා වේදිකාවට ගොඩ වීම නිසා ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතියක්,අවි වෙනුවෙන් වැරදියට භාවිතා කර ආදායම් ලද අයෙකුට සභාපති තනතුරතට ඒම දක්වා පහසුකම් සළසන්නේනම් ක්‍රමයේ වෙනසක් සිඳු වී ඇද්ද?


එසේම ක්‍රීඩා අමාත්‍යවරයා මේ වන විට ඔලිම්පික් කමිටු ලේකම්වරයා ඉවත් කර ඇත.ඒ එහි ආචාර ධාර්මික වාර්තාවේ පවසා ඇති දූෂණ සහ මුදල් අක්‍රමිකතා ආදී කරුණු රැසක් පදනම් කරගෙනය.එහිදී ලේකම්වරයාගේ පාර්ශවය නියෝජනය කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා ඉදරියට පැමිණ ඔහුව ඉවත් කිරීමට විරුද්ධ වූ පිරිසේ ද නෙළුම් පොකුණ සභාපතිවරයා උන්නේය.බොහෝ විට ඊ ළඟ ඔලිම්පික් නිලවරණයට ඔහු සභාපති තනතුරට එන්නට ඉඩ ඇති බව ද සැළය.


මේ තත්ත්වය මත ඔහුගේ නිලවරණයේදී කිසිවෙකු මේ චෝදනාව මෙන්ම ඔහුගේ පෞද්ගලික වෙඩි පිටියද තනතුරු දැරීමට නුසුදුසු බවට පෙන්වා දී මේ පරීක්ෂණ වාර්තා ඉදිරියට ගෙනාවොත් සහ නීතිමය වශයෙන් දඬුවමකට යටත් වුවහොත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කේෂ්ත්‍රයේ ඉහළ තනතුරුවලට පත්වීමට නීතිගරුක පුරවැසියන් නැති තැනක් බවට කීර්තියේ පිංතූරය විනාශ වී යනවා සැක නැත.


මේ කිසිවක් වත්මන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දුට රහසක් නොවන්නේය.නෙළුම් පොකුණ සභාපතිවරයාගේ අදාළ අක්‍රමිකතාවය සම්බන්ධයෙන් 2011 – 2013 අතුරු කමිටු සභාපති ලෙස ඔහුද සාක්ෂි සැපයීමට කැදවුම් ලැබූ අයෙක්ය.ඒ නිසා ඔහු සිය අමාත්‍යවරයාට තමන්ද පරීක්ෂණ සඳහා තොරතුරු සාක්ෂි වශයෙන් ලබා දුන් ඉහත සිඳුවීම ගැන කියා ක්‍රීඩා කේෂ්ත්‍රෙය් තනතුරුවලට ඒම වැළක්වීම වෙනුවෙන් පෙනී සිටිය හැකිය.එසේම මේ මොහොතේ ද,දෙදෙනාම හමුදා නිලධාරීන් වීම පසෙකලා,රටේ වගකීම් දැරීමට වත්මන් රජයට කීර්තිය සුරක්ෂිත මිනිස්සු අවශ්‍යය බව අවබෝධ කරගෙන ක්‍රීඩා අමාත්‍යවරයාට තමන් ඉතාම හොඳින් දන්නා කරුණු පෙන්වා දී,ක්‍රීඩා අමාත්‍යවරයා හරහා නෙළුම් පොකුණ සභාපතිවරයා කවරෙක්ද යන්න පැහැදිළි කර දීමටද ඉඩ ඇත.


එහෙත් ඔහු වැරදියට විකුණා ඇත්තේ වෙඩි තැබීමේ උපකරණ නිසා නෙළුම් පොකුණ විකුණනු ඇතැයි සිතිය නොහැකිය ලෙස පවසා,පත්කිරීම රිවස් කිරීමෙන් හරි අතට යාම ඇරඹිය යුතුය සිතන අය පෙනෙන්නට නොමැති නිසා නෙළුම් පොකුණේ තනතුර එසේම රඳවා තැබීමේ උද්ධච්ඡ තීරණයක ආණ්ඩුව රැඳෙන්නට ඉඩ ඇත.ක්‍රීඩා අමාත්‍යවරයා තමන්ගේ කේෂත්‍රයේදී නීතිමය අනුමැතිය ඇතිව නිවැරදි තීරණ ගනිමින් මේ චෝදනා පිළිබඳ හරි තීරණයක් ගත්ත ද,ඒ සෙල්ලම් නෙළුම් පොකුණට අදාළ නැහැ වගේ කතාවකින් ආණ්ඩුව තමන්ගේ පාක්ෂිකයා හෝදා හරින්නට ඉඩ ඇති අතර,මේ යන ආකාරයට සමහර විට සුනිල් කුමාර ගමගේ ක්‍රීඩා අමාත්‍යවරයාට ද තමන් කරගෙන යන නීත්‍යානුකූල ගමන් මඟෙන් පිටට අඩිය තියන ලෙස බලපෑමක් එන්නට ද බැරි නැත.


ඒ නිසා නෙළුම් පොකුණ සභාපති පත් කිරීම සහ ඔහුව හෙළිදරව් කිරීමෙන් පසු ඇතිවන තත්ත්වය වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය හැසිරීම පරික්ෂාවට ලක් කෙරෙන යාගයක් වනු ඇත.එය බෙරයේ පළුවක් ද නැතිව, නටපු නැටුමක් ද නැතුව හමාර වීමට පුළුවන්ය.එසේම යක්ෂයා පන්නා දමා නෙළුම් පොකුණේ ආරක්ෂාව තහවුරු කර හමාර වෙන්නට දෙන්නට ද හැකිය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...