දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරේ,

සටහන:සශිකලා මධුෂාණි
පෙබරවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
2024 දෙසැම්බර් 3 වන දින රටතුල හදිසි යුධ නිතිය පැනවීම හා කැරැල්ලක් සංවිධානය කිරීමට නායකත්වය දීම සම්බන්ධයෙන් අද(19)දින දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක් යෙයොල් මිට සුළු මොහොතකට පෙර සෝල් මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය විසින් වරදකරු බවට තීන්දු කර තිබේ.

ඒ අනුව, සෝල් මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇති අතර යූන්ගේ හමුදා නීති නියෝගය ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ වූ හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් යොං හ්යුන් යූන්හට වසර 30 ක සිර දඬුවමක් හා හිටපු හමුදා සහ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු වෙනුවෙන් දඬුවම් පමුණුවා තිබේ.

2024 වසරේ යුද නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දෝෂාභියෝගයට ලක් කර ධුරයෙන් ඉවත් කරන ලද 65 හැවිරිදි යූන්, අධිකරණයේ පෙනී සිටින කාලය පුරාම ඔහුගේ නිර්දෝෂීභාවය පවත්වා ගෙන ගොස් ඇති අතර තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සුදානම් බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ සුනාමිය ….

මම හිතන්නේ ලංකාවේ අනෙක් ප්‍රදේශ වලට කාලගුණ - දේශගුණ...

නීති සම්පාදනයේදී පිටකොටුවේ සේල් කඩේක වගේ හැසිරෙන්න එපා – පෙසප ජනපති අනුරගෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල සංවිධානාත්මක අපරාධ පනත සම්බන්ධයෙන් යම් සාකච්ඡාවකට...

නිල විදෙස් සංචිත වත්කම් යළිත් ඩොලර් බිලියන 07 ඉක්මවා ඉහළට

ශ්‍රී ලංකා මහබැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය...

වැසි තත්වයේ වෙනසක් – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 07) දිනයේදී උතුරු, නැගෙනහිර...