මෙවර ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උත්සවය ගෘහස්තව සිදු කිරීම සැළසුම්

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනවාරි මස 20 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උත්සවය පවතින ශිත අධික කාලගුණික තත්වය හේතුවෙන් එක්සත් ජනපද කැපිටල් හි ගෘහස්ථව සිදුකිරිමට තමා උපදෙස් ලබා දුන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.

එක්සත් ජනපද කාලගුණ ඒජන්සිය විසින් උෂ්ණත්වය දරුණු ලෙස අඩුවිය හැකි බවට කරන ලද පුර්ව අනතුරු ඇඟවීමකට අනුව ට්‍රම්ප් මේ බව සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කරමින් වැඩිදුරටත් කියා තිබුණේ, කිසිම ආකාරයකින් මිනිසුන්ට රිදවීම හෝ තුවාල වීම දැකීමට තමාට අවශ්‍ය නොමැති බවයි.

ඒ අනුව, මිට පෙර 1985 දී රොනල්ඩ් රේගන් විසින් භාවිතා කල පරිදි, එක්සත් ජනපදයේ කැපිටල් රොටුන්ඩා හි යාඥා සහ අනෙකුත් දේශන වලට අමතරව සමාරම්භක දේශනය පැවැත්වෙනු ඇති අතර රොටුන්ඩා බොහෝ විට කැපිටල් හි විශේෂ සිදුවීම් සඳහා භාවිතා කරයි.

කෙසේ නමුත් මේවන තෙක් උත්සවය පවත්වන ආකාරය පිළිබඳ නිශ්චිත තොරතුරු අවිනිශ්චිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...