විල්පත්තු පිවිසුම ගැන තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ (LNW):

මේ දිනවල ඇදහැලෙමින් පවතින අධික වර්ෂාවත් සමග ජලාශ වල ජල මට්ට ඉහළ යාමත් සමග කලාඔය පිටාර ගැලීම හේතුවෙන්, විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම පිවිසුම් දොරටුව දෙස් විදස් සංචාරකයින්ට සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙන වාර්තා වේ.

රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග කලාඔය ඔස්සේ ඝණ අඩි 6000ක පමණ ගලා බසින ජල ධාරිතාව විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම කලාඔය සපත්තු පාලම මැදින් ගලා යාම හේතුවෙන් එම ප්‍රදේශය මේ වන විට සම්පූර්ණයෙන්ම ජලයෙන් වැසී ගොස් ඇති බවට වාර්තා වේ

ඒ අනුව විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ එළුවන්කුලම පිවිසුම් දොරටුව භාර වනජීවි ඒකකය සදහන් කරන්නේ, දින කිහිපයක් පුරාවට ජලය පැවතීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු සංචාරකයින්ට විල්පත්තුව නැරඹිමේ අවස්ථාව නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...