ගල් අඟුරු ටොන් ලක්ෂ 3ක හදිසි මිලදීගැනීමකට ටෙන්ඩර් කැඳවයි

නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල්අඟුරු මෙට්‍රික්ටොන් ලක්ෂ 3ක ප්‍රමාණයක් හදිසි මිලදී ගැනීමකට ලංකා ගල්අඟුරු සමාගම විසින් ටෙන්ඩර් කැඳවා තිබේ.

2026 පෙබරවාරි 25 වනදා එම සමාගම මේ සම්බන්ධ දැන්වීම සිය වෙබ් අඩවියෙහි පළකර ඇත.

එහි සඳහන් වන්නේ 2026 මාර්තු – අප්‍රේල් කාලසීමාව සඳහා නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයට ගල්අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදුකරන බවයි.

හදිසි ප්‍රසම්පාදන ලංසු කැඳවීම් අංක LLC/25-26/EP/1 යටතේ මෙම හදිසි මිලදීගැනීම් ටෙන්ඩරය කැඳවා තිබෙන්නේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් දැඩි චෝදනා එල්ල වී ඇති තත්වයක් යටතේ ය.

පසුගිය ආණ්ඩු කාලවලදී ද විදුලිබල ක්ෂේත්‍රය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල හදිසි මිලදීගැනීම් නිරන්තරයෙන් සිදුවූ අතර එම ගනුදෙනු අතිශයින් දූෂිත බවට බරපතළ චෝදනා එල්ල වී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

Breaking : දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට!

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ...

PSTA සහ OCA පනත්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරයෙන් විරෝධතාවක් – පාර්ලිමේන්තුවේ පිවිසුම අසලටම යයි (PHOTOS)

කොළඹ LNW:රජය විසින් ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...