රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ LNW :
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. එම්. ප්‍රේමසිරි, නවරත්න බණ්ඩාර, බී. එම්. දීපාල් ගුණසේකර සහ සමන්සිරි හේරත් යන අය විසින්, ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
ඒ, රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිඛෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමිනි.
අනෙක් පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ පියසෝම උපාලි සහ උපාලි අමරසිරි යන හිටපු මන්ත්‍රීවරු විසින් බව වාර්තා වේ.
නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම් තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති වලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.


