පාකිස්තානයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් හය දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
පාකිස්තානයේ කරච්චි නුවර සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඊයේ(17) දිනයේදී ගින්න ආසන්න වශයෙන් වෙළඳසැල් 1,200 ක් පමණ ඇති වාණිජ සංකීර්ණයක් වන ගුල් ප්ලාසා සාප්පු සංකීර්ණයේ ඇති වූ අතර පැය ගණනාවක් තිස්සේ පැවත තිබේ. ගින්න හේතුවෙන් ගොඩනැගිල්ලේ කොටසක් කඩා වැටී ඇති අතර ගලවා ගැනීමේ කටයුතු සංකීර්ණ වී ඇත.

ගින්නට හේතුව මෙතෙක් වාර්තා නොවන අතර ජනාධිපති අසිෆ් අලි සර්දාරි සහ අගමැති ෂෙබාස් ෂරීෆ් ජීවිත හානි සම්බන්ධයෙන් ශෝකය පළ කරතිබු අතර විශේෂ නිවේදනයක් සිදු කරමින් බලපෑමට ලක් වූ වෙළඳුන්ට සහාය වීමට සහ තුවාල ලැබූවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස අගමැති ෂරීෆ් බලධාරීන්ට නියෝග කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...