නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම අද ජනපතිගේ ප්‍රධානත්වයෙන්

Date:

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය අද (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව අද පෙරවරු 10.00 ට ජනාධිපතිවරයා විසින් රාජාසන කතාව පැවැත්වීමට නියමිතය.

මෙවර පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමේ උත්සවය ඉතාම චාම් ආකාරයෙන් සැලසුම් කර ඇති බව සඳහන්.

මෙම අවස්ථාවට විදේශ තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද සහභාගී වනු ඇත.

සම්ප්‍රදායානුකූලව අද දිනයේ ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහන් රාජාසන කතාව පැවැත්වීමෙන් අනතුරුව අද දිනයට අදාළ පාර්ලිමේන්තුවේ වැඩකටයුතු අවසන් කර සභාව කල් තැබෙනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...