අත්‍යාවශ්‍ය මොහොතේ ඉන්දියාව පිහිටට එයි. ඉන්ධන මිලදී ගන්න ඩොලර් මිලියන 500ක්

Date:

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් ලබාදෙන බව තහවුරු කර තිබේ.

මේ බව ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා විසින් මෙරට විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාට ලිඛිතව දැනුම් දී ඇති බව සඳහන්.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා අතර පසුගියදා පැවති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම ණය පහසුකම ශ්‍රී ලංකාවට ලබාදී ඇති බවයි මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ.

ශ්‍රී ලංකාව මේ වනවිට දැඩි ඉන්ධන අර්බුදයකට තල්ලු වෙමින් සිටින අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් අඛණ්ඩ විදුලි සැපයුම ද අවදානමට ලක්ව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...