Sunday, October 1, 2023
spot_img

Latest Posts

අත්‍යාවශ්‍ය මොහොතේ ඉන්දියාව පිහිටට එයි. ඉන්ධන මිලදී ගන්න ඩොලර් මිලියන 500ක්

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් ලබාදෙන බව තහවුරු කර තිබේ.

මේ බව ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා විසින් මෙරට විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාට ලිඛිතව දැනුම් දී ඇති බව සඳහන්.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා අතර පසුගියදා පැවති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම ණය පහසුකම ශ්‍රී ලංකාවට ලබාදී ඇති බවයි මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ.

ශ්‍රී ලංකාව මේ වනවිට දැඩි ඉන්ධන අර්බුදයකට තල්ලු වෙමින් සිටින අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් අඛණ්ඩ විදුලි සැපයුම ද අවදානමට ලක්ව ඇත.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.