Wednesday, October 4, 2023
spot_img

Latest Posts

ජනතාවට කැපකිරීම් කරන්න කියමින් පාලකයෝ සැප විඳිනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

රටේ ජනතාවට තුන්වේල කන්න එපා කියන පාලකයින් ඒ අතරේ සැප විඳිමින් සිටින බවත් අනුන්ට බණ දේශනා කරන්නට පෙර තමන් සුදුසු ගුණයෙහි පිහිටා කටයුතු කළයුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක ”සසුනට අරුණ – වැවයි දාගැබයි ගමයි පන්සලයි” දීප දීපව්‍යාප්ත වැඩසටහනට සමගාමීව බදුල්ල, බණ්ඩාරවෙල, ඇල්ල ගොටුවල ශ්‍රී නාගරුක්ඛාරාමයේ විහාරාධිපති අම්පාර ධර්මාශෝක ධර්මායතන පිරිවෙනහි නියෝජ්‍ය පරිවෙණාධිපති, පූජ්‍යපාද රිල්පොල විමලකිත්ති ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම ප්‍රකාරව ඉදිකරනු ලැබූ “ශ්‍රී සම්බුදු මහා සෑ රදුන් වහන්සේගේ” කොත් වහන්සේ නිරාවරණය කිරීම සහ සධාතුක ධාතු කරඬුව තැන්පත් කිරීම ශ්‍රීමත් මහා සංඝරත්නයේ ආශිර්වාද මැද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) සිදු කරනු ලැබීය.

වීරත්වය, සුරත්වය පෙන්වමින්, බොරු ප්‍රෝඩාකාරී අන්දමින් බලය ලබාගත් උදවිය අද රට විනාශ කරන බවත්,ඩොලර් නැතිව රට බරපතළ අර්බුදයකට යාමට හේතුව වසර දෙකක ශාපය බවත් එහිදී පැවසූ විපක්ෂ නායකවරයා, ශාපකාරි දුර්වල ආර්ථික කළමනාකරණය නිසා රට දිනෙන් දින විනාශ වෙමින් තිබෙන බවත් සඳහන් කළේය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.