*
Saturday, October 12, 2024
spot_img

Latest Posts

මෙරට රැකියා සඳහා ස්විස්ටර්ලන්තයෙන් කොළ එළියක්!

සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් හදුන්වාදීම, කම්කරු දෙපාර්තමේන්තුව සහ විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීම ඇතුළු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ විෂය පථය තුළ මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සදහා ස්විස්ටර්ලන්තයේ පූර්ණ සහාය ලබාදීමට එකඟතාවය පළකර ඇති බව වාර්තා වේ.

මීට අදාළ සාකච්ඡාවක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් යන මහත්වරුන් අතර ඊයේ දින (17) පැවැත් වී ඇති අතර, යෝජිත ඩිජිටල්කරණ සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා ස්විස්ටර්ලන්ත අත්දැකීම් ඇසුරෙන් සහාය ලබා දීමට ස්විට්සර්ලන්ත තානාපතිවරයා සිය කැමැත්ත පළකර ඇත. එමෙන්ම තානාපති ක්ෂේත්‍රය ද ඩිජිටල්කරණයට ලක් විය යුතු ක්ෂේත්‍රයක් බව ද හෙතෙම අවධාරණය කර ඇත.

මේ අතර, මෙම වසරේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ප්‍රධාන අංශයන් සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපතිවරයා දැනුවත්කිරීමක් ද සිදුව ඇති අතර, මෙකී නවමු ක්‍රියාන්විතයන් ස්විට්සර්ලන්තයේ ක්‍රියාත්මක වන අන්දම පිළිබඳව තානාපතිවරයා විසින් පැහැදිලි කිරීමක් ද සිදුකර ඇත.

විදෙස්ගත ශ්‍රමිකයන්ට සපයා දී ඇති මනුසවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය පිළිබඳව අමාත්‍යවරයා විසින් තානාපතිවරයා දැනුවත් කර ඇති අතර, සියලු ශ්‍රමිකයක් ඉලක්කකරමින් ක්‍රියාත්මක කරන සමාජ ආරක්ෂණ වැඩසටහන සඳහා ස්විට්සර්ලන්තයේ අත්දැකීම් සහ දායකත්වය ලබා දෙන මෙන් ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට ෆර්ග්ලර් තානාපතිවරයා සාධනීය ප්‍රතිචාර ලබා දී ඇති බව සඳහන්. ඒ අනුව මෙම ක්‍රියාන්විතයන් සඳහා අවශ්‍ය පූර්ණ සහාය ලබාදීමට ස්විට්සර්ලන්ත තානාපතිවරයා එකඟතාවය පළ කර ඇත.

මීට අමතරව, සංහිඳියා යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කරන සත්‍ය ගවේෂණ කොමිසමක් පත්කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබඳව ද තානාපතිවරයා දැනුවත් කර ඇති අතර, එය ද ඔහුගේ ඇගයීමට ලක්ව ඇති බව සඳහන්.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan