*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

ඔඩිස්සාවට තදින්ම රගර් තරු උණුසුම

මෙවර ජාත්‍යන්තර රගර් සම්මේලනය මෙහෙයවන පිරිමි ලෝක කුසලාන රගර් තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් 16 තරග දෙක බැඟින් නිමා කර අවසන් වන විට තරග දෙකම ජය ගැනීමට සමත් වී ඇත්තේ එකම කණ්ඩායමයි.ඒ නෙදර්ලන්ත කණ්ඩායමයි.සී කාණ්ඩයෙන් තරග වදින නෙදර්ලන්ත කණ්ඩායම මේ වන විට තමනු මුහුණ දුන් තරග දෙකම ජය ගන්නට සමත් වී සිටිනවා.
සෙසු කාණ්ඩ අතරින් ඔස්ට්‍රේලියාව නියෝජනය කරන සී කාණ්ඩායේ දී ඔස්ට්‍රේලියාව සිය පළමු තරගය 8 – 0 ක් ලෙස ප්‍රංශයට එරෙහිව ජය ගත්ත ද දෙවන තරගයේදී ඔවුන්ට ආර්ජෙන්ටිනාව ඉදිරියේ තරගය 3 – 3 ක් ලෙස ජය පරාජයෙන් තොරව කෙළවර කර ගන්නට සිඳු වුණා.නමුත් මේ වන විට තරගාවලියේ වැඩිම ගෝල්ලාභියා වන්නට ඕස්ට්‍රේලියාවේ හේවඩ් ජෙරමි සමත් වී සිටිනවා.ඔහු ප්‍රංශයට එරෙහිව ලබා ගත් ගෝල ත්‍රිත්වය සමඟ මේ වන විට ගෝල හතරක් ලබා ගෙන සිටිනවා.
වර්ථමාන ලෝක සූරයින් වන බෙල්ජියම සිය සූරතාවය රැක ගැනීම සඳහා වන සටන අරඹමින් දකුණු කොරියාවට එරෙහිව ගෝල 5 – 0 ක් සේ ජයග්‍රහණය කළ ද,සිය දෙවන තරගයේදී ගෝල 2 – 2 ක් සේ ජර්මණිය සමඟ පැවති තරගයේදී ලකුණු සමව ජය පරාජයෙන් තොරව තරගය හමාර කර ගන්නට සිඳු වුණා.
සත්කාරක ඉන්දියාව සිය ප්‍රථම තරගය ජයගත්තේ 2-0 ක් ලෙස ස්පාඤ්ඥයට පරාජය අත් කර දෙමින්.නමුත් එංගලන්තයට එරෙහිව පැවති තරගයේදී කණ්ඩායම් දෙකටම සිඳු වුණේ තරගය ගෝල නොලබා අවසන් කරන්නටයි.ඒ නිසා මේ වන විට සිය පළමු තරගය වේල්සයට එරෙහිව ගෝල 5 – 0 ක් සේ ජයගත් එංගලන්තය එම කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටිනවා.
ඒ අනුව ඒ කාණ්ඩයෙන් ඕස්ට්‍රේලියාව,බී කාණ්ඩයෙන් බෙල්ජියම,සී කාණ්ඩයෙන් නෙදර්ලන්තය සහ ඩී කාණ්ඩයෙන් එංගලන්තය පෙරමුණ ගෙන සිටිනවා.නමුත් කාණ්ඩ හතරේ ජයග්‍රහණ නොමැති කන්ඩායම් හතරක් පමණක් දකින්නට ලැබුණත් පරාජය නොවුණු කණ්ඩායම් හතක් දකින්නට ලැබෙනවා.ඒ අනුව මෙවර තරගාවලිය එකිනෙකා සම්බන්ධ හොඳ අධ්‍යයනයකින් තරග වඳින කණ්ඩායම් අතරේ ජයග්‍රහණය සඳහා තියුණු සටනක් ඇති කරන තරගාවලියක් බවට පත්ව තිබෙනවා.
අද තරග නොපැවත්වෙන අතර හෙට දිනයේ දී මැලේසියාවට එරෙහිව නවසීලන්තය සහ නෙදර්ලන්තයට එරෙහිව චීලී කාලිංග ක්‍රිඩාංගණයේදී තරග බිමට පිවිසෙනවා.එම ක්‍රීඩාංගණයේ හැන්දෑ බාගයේ දී තරග වදින්නේ ඩී කාණ්ඩයේ කණ්ඩායම් වන අතර එහිදී ස්පාඤ්ඤය සහ එංගලන්තයත්,ඉන්දියාව සහ වේල්සයත් තරග වැදීමට නියමිතයි.
ඡායාරූපයේ සිටින ජෙරමි හේවර්ඩ් දැනට තරගාවලියේ ගෝලලාභින් අතර පෙරමුණේ සිටිනවා.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan