ලබාදුන් කාලය අවසන් – ආර්. සම්බන්දන්

Date:

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරු නැගෙනහිර පළාත් ඉඩම් අත්පත් කර ගැනීම නතර කිරීම හා අත්පත් කර ගෙන ඇති ඉඩම් නිදහස් කිරීම හා මුලික බලතල බෙදීම යන ඉල්ලීම් ඉටු කිරීම සඳහා රජයට ලබා දුන් සතියක කාලය අවසන් වී ඇති බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

“දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම , උතුරු නැගෙනහිර පළාත් ඉඩම් අත්පත් කර ගැනීම නතර කිරීම හා අත්පත් කර ගෙන ඇති ඉඩම් නිදහස් කිරීම හා මුලික බලතල බෙදීම යන ඉල්ලීම් ඉටු කිරීමට රජයට සතියක කාලයක් ලබාදුන්නා. නමුත් ලබාදුන් එම කාලය අවසන්. මෙතෙක් එම ඉල්ලීම් වෙනුවෙන් කිසිදු සාධනීය පිළිතුරක් ලබාදීමට ආණ්ඩුව සමත් වී නැහැ.

තෛයිපොංගල් උත්සවය සැමරීම වෙනුවෙන් යාපනයේ සංචාරයක නිරත වු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා අපගේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සමඟ සාකච්ඡුාවක් පවත්වා තිබෙනවා. එහිදි ඉඩම් ආක‍්‍රමණ සම්බන්ධයෙන් යම් යම් පොරොන්දු ලබා දී තිබුණා. නමුත් මෙම පොරොන්දු ආරක්ෂක අංශ විසින් පිළිපදින්නේද යන්න පිළිබඳව විශ්වාස කිරීමට යම් කාලයක් බලා සීටීමට සිදුවනු ඇති. ජනාධිපතිවරයා හා මීළඟ සාකච්ඡා වටය වෙනුවෙන් මෙතෙක් ආරාධනා ලැබුණේ නැහැ. එවැනි සාකාච්ඡාවක් වෙනුවෙන් ආරාධනා ලැබුණහොත් එයට සහභාගි වන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගනු ලබනවා.නමුත් මීළඟ සාකච්ඡා වටයට සහභාගි වන්නේ මීට පෙර සාකච්ඡාවේදි අප ඉදිරිපත් කළ ඉල්ලීම් වලට යම් හෝ සාධනීය විසඳුම් ලැබුණොත් පමණයි”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...

කළු ජනවාරියේ සළු පාලිය ….

මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026...

නුවරඑළියට මල් තුහින – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 17) දිනයේදී දිවයිනේ බොහෝ...

ජින්තුපිටියේ වෙඩි තැබීමක්. එක් අයෙකු මරුට. කුඩා දරුවන් දෙදෙනෙකුටත් තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී...